පාතාලය හිස ඔසවයි.. 42ක් වෙඩි තබා ඝාතනය කරයි.! – උණුසුම් පුවත් – Saru FM Media

0
5


වෙඩි තැබීම් හැත්තෑපහකින් පුද්ගලයින් හතළිස් දෙදෙනකු පසුගිය මාස 09 ඇතුළත මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සඳහන් කරයි.

තවද දිවයින පුරා සිදුකළ වෙඩි තැබීම් වලින් තුවාල ලැබූ පුද්ගලයන් තිස්තුන්දෙනකු රෝහල් ගත කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සඳහන් කරයි.

මෙම 2023 වසරේ මුල් මාස කිහිපයේ සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධව සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ සඳහා යොදාගත් වාහන පොලිසිය බාරයට ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සඳහන් කරයි.


Saru Fm Media