saru fm media
Home දේශීය පුවත් පාතාල පාට් විදුහලටත් ගෙන ගිහින්

පාතාල පාට් විදුහලටත් ගෙන ගිහින්

0
100


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නවගත්තේගම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි වසරේ සිසුන් දෙදෙනකු  එම වසරේම සිසුවකුට යකඩ බටයකින් උදර ප්‍රදේශයට ඇන තුවාල සිදු කර ඇතැයි නවගත්තේගම පොලිසිය කියයි.

තුවාල ලැබූ සිසුවා නවගත්තේගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි පැරණි අමනාපයක් මත මෙම සිසු ගැටුම ඇති වී ඇති බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇතැයි කියති.

මෙම සිසු ගැටුම ගැන සැලවී ගැටුම සිදු වූ වැසිකිලිය ලඟට ගොස් එය සමතයකට පත් කිරීමට විදුහල්පතිවරයා සහ නියෝජ්‍යවිදුහල්පතිවරයා ගිය අවස්ථාවේ එක් සිසුවකු විදුහල්පතිවරයාගේ කමිස කොලරයෙන් අල්ලා ඇද තර්ජනය කර ඇතැයි පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුහල්පතිවරයා මේ බව පොලිසියට පැමිණිලි කර ඇත.

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here