පානී පූරි අවශ්‍ය ද්‍රව්‍ය:- පූරි එකට රුලං 100g තෙල් තේ…

0
34


පානී පූරි

අවශ්‍ය ද්‍රව්‍ය:-

පූරි එකට

රුලං 100g
තෙල් තේ හැඳි 1
බේකින් සෝඩා පින්ච් එකක්
ලුණු රස අනුව
පාන් පිටි මේස හැඳි 1
වතුර ස්වල්පයක්

ෆිලින්ග් එකට

තම්බා පොඩියට කපාගත් අල ගෙඩි 2
චොප් කරගත් පොඩි බී ළූණු ගෙඩියක්
චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 1 ½
රෝස්ටඩ් සූදුරු කුඩු තේ හැඳි 1
චාට් මසාලා තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි ½
ලුණු

පානි එකට

මිංචි කොළ කප් ½
කොත්තමල්ලි කොළ කප් 1
චොප් කරගත් ඉඟුරු අඟල් 1 කෑල්ලක්
චොප් කරගත් අමුමිරිස් කරල් 2-3
සියඹලා පේස්ට් මේස හැඳි 1
ගාගත් හකුරු මේස හැඳි 4
රෝස්ටඩ් සූදුරු කුඩු තේ හැඳි 1
චාට් මසාලා තේ හැඳි 1
වතුර කප් ⅓ (බ්ලෙන්ඩ් කරන්න)
වෙනම වතුර කප් 1 ½
ගී බූන්දි මේස හැඳි 2 (අත්‍යාවශ්‍යම නෑ)

සාදන ක්‍රමය:-

මුලින්ම ෆිලින්ග් එක හදන්න අවශ්‍ය සියළුම දේවල් එකට මිශ්‍ර කරගෙන පැත්තකින් තියාගන්න.

පානි එකට අවශ්‍ය සේරම බ්ලෙන්ඩ් කරන්න අවශ්‍ය වතුර ටික එක්ක බ්ලෙන්ඩ් කරගන්න. ඒකට ඉතිරි වතුර කප් 1 ½ ටික ටික එකතු කරන ගමන් කැමති ඝණකමකට පානි එක හදාගන්න.

රස බලල ලුණු, පැණි රස හෝ ඇඹුල් රස වෙනස් කරගන්න පුළුවන්. මේකට බූන්දි ටික පොඩි කරල දාගෙන පානි එක ෆ්‍රිජ් එකේ තියල කූල් කරගන්න.

පූරි හදන්න රුලං එකට තෙල්, බේකින් සෝඩා, ලුණු දමා ඇඟිලි තුඩු වලින් මිශ්‍ර කරන්න. ඒකට පාන් පිටි දමා හොඳින් කලවම් කරන්න. වතුර දානකොට ටික ටික වතුර දාන ගමන් මිශ්‍රණය ඉක්මණින් අනා ගෙන සොෆ්ට් ඩෝ එකක් හදා ගන්න.

ටික වේලාවක් හොඳින් අනා ගෙන විනාඩි 30 පමණ තෙත රෙද්දකින් වහලා තියන්න. ඒ වගේම මේ මිශ්‍රණය ඉලාස්ටික් එකක් වගේ ඇදෙන පදමට තියන්න ඕනා.

අවසානයට එයින් කොටස් කඩා ගෙන රෝලින් පින් එකකින් හොඳින් තුනී කර ගෙන පොඩි රවුමක් එහෙමත් නැත්තම් කටර් එකක් තියා පොඩි රවුම් කපා ගෙන ගැඹුරු තෙලේ රන්වන් වන තුරු බැද ගන්න. මේ පූරි ටික හොඳට පිම්බිලා එන්න ඕනා.

දැන් පානි පූරි හදන්න පූරි එකේ උඩ කොටස පොඩ්ඩක් කඩලා ඒක මැදට අල මිශ්‍රණය දාගෙන ඒක උඩට පානි එක දාගන්න. මේකට කැමති නම් උඩින් සියඹලා චට්නි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. හදපු ගමන් කන්න තමා තියෙන්නෙ. නැත්නම් පූරි එක පෙඟෙනවා.

Babyandme

ඉදිරිපත් කිරීම Garlic and Ginger



Saru FM Media