පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් සඳහා සභාපතිවරුන් පත් කර ඇති අතර , ඒ යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ජාතික ආර්ථික සහ භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, ඩී. වීරසිංහ මහතා , කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයට පත්කර ඇත.
තලතා අතුකෝරළ මහත්මිය ,කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනිය ලෙස පත් කර තිබෙන අතර , විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විදේශ රැකියා ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පත්කර ඇත.
Saru Fm Media