පාසලකින් හමුවු ⁣පතොරම් ගබඩාව.! – උණුසුම් පුවත් – Saru FM Media

0
22


මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදිකර තිබු කාමරයක් ඇතුළත අලුත්වැඩියා කරන අවස්ථාවේදී සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

එහි විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කළ හැකි මිලි මීටර් 7.62 පතොරම් 20 ක්, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 138 ක්, මිලි මීටර් 3.2 පතොරම් 31 ක්, ඩෙටනේටර් 02 ක්, TNT බවට සැක කරන පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 194 ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

කෙසේ වෙතත් එම පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවත් පසුගිය 2015 වසරේදී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් මෙම පාසල හා අවට භූමිය වෙන්කර තිබු බවද වාර්තා වේ.


Saru Fm Media