පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි 12 ට පෙර අවසන් කිරීමට කටයුතු කරනවා – අධ්‍යාපන අමාත්‍යාංශය – Saru FM Media

0
26


COLOMBO (News 1st) – මේ වසර සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි මස 12 ට පෙර අවසන් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදාදීමට කටයුතු කළ බවයි.

දේශීය සැපයුම්කරුවන් සැපයු නිල ඇඳුම් රෙදි මීටර තිස් අට ලක්ෂ තිස් එක් දහසක ප්‍රමාණයෙන් මේ වනවිට තිස් පන් ලක්ෂ හැට එක් දහසක් බෙදා දී ඇති බව සඳහන් වේ. 

ඉන් ඉතිරි ප්‍රමාණය වන මීටර් විසි හත් දහසක ප්‍රමාණය අවසන් අදියර යටතේ ගාල්ල, කළුතර, හලාවත යන ප්‍රදේශවල මේ වනවිට බෙදා දෙමින් පවති.

එහිදී පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර් එක් කොටී විසි හය ලක්ෂ අනු හතර දහසක් වන අතර පාසල් ළමුන් ලක්ෂ 42 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් රෙදි බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.



උණුසුම් පුවත්




Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here