Google search engine
Home ගොසිප් පුවත් පැල්ම­ඬුල්ල ගම හරහා දිවීමේ තර­ගයේ පුතාගේ සහායට දිවූ පියා මරුට

පැල්ම­ඬුල්ල ගම හරහා දිවීමේ තර­ගයේ පුතාගේ සහායට දිවූ පියා මරුට

0
11

pelmadulla-incident

රත්න­පුර, පැල්ම­ඬුල්ලේ දී ඊයේ (15) පැවැති අවු­රුදු උත්ස­ව­යක ගම හරහා දිවීමේ තර­ග­යට සහ­භාගී වූ පුතු දිරි­මත් කර­මින් ඔහු සම­ඟම දිව යමින් සිටි පියකු හදි­සියේ මිය යාමේ පුව­තක් පැල්ම­ඬුල්ල පොලි­සි­යෙන් වාර්තා වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පැල්ම­ඬුල්ල ක්‍රීඩා සමාජ මාවතේ
පදිංචි අනුර ගාර්දි­ය­ව­සම් නමැති 60 හැවි­රිදි පුද්ග­ල­යෙකි. තම පුතා
සහ­භාගි වූ මැර­තන් තර­ගය අත­ර­තුර ඔහුව දිරි­මත් කර­මින් මොහු ද දුව­ගොස්
තිබෙන අතර තර­ගය අව­සන් වීමෙන් පසු මෙම පියා දැඩි ලෙස රෝගා­තු­ර­වීම
හේතු­වෙන් වහාම රෝහ­ල්ගත කිරී­මට තරග සංවි­ධා­ය­ක­වරු ඇතුළු
ප්‍රදේ­ශ­වා­සීන් විසින් පිය­වර ගෙන ඇත. හදිසි හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන්
මොහු මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මිය­ගිය අයගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කහ­වත්ත මූලික රෝහ­ලේදී
පැව­ත්වී­මට නිය­මි­තව තිබිණි. මිය­ගිය අය රෝගී තත්ත්ව­යන්ට ප්‍රති­කාර ද
ලබා­ගෙන ඇතැයි පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී තිබේ. පැල්ම­ඬුල්ල පොලි­සියේ
ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ධම්මික නව­රත්න මහ­තාගේ උප­දෙස් අනුව
පරි­ක්ෂණ සිදු කෙරේ.

(කහ­වත්ත – නිරෝ­ෂණ පෙරේරා)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here