පුංචි ළමයින්ගේ අපහසුම වයස – Terrible Two – Saru News Media

0
1

පුංචි දරුවෙකුගේ වර්ධනයේ එක එක අවධි තියෙනවා. ඒ ඒ අවධි වලදී දරුවා තුළ දකින්න තියෙන ලක්ෂණ, දරුවාගේ හැසිරීම් එහෙමත් එකිනෙකට වෙනස්. ඉතින් මේ විවිධ අවධි පහුකරනකොට දරුවා පෙන්වන දඟකාර, හිතුවක්කාර ගතිපැවතුම් දෙමව්පියන්ට හෝ රැකබලාගන්නන්ට හැම වෙලාවකම පහසු වෙන්නෙ නැහැ. ඒ හැසිරීම් ඉවසන්න, ඒවා නොසලකා දරුවාට සලකන්න, අනවශ්‍ය හැසිරීම් වලක්වන්න එහෙම හොඳ අවබෝධයක් වැඩිහිටියන්ට තියෙන්නම ඕන. ඉතින් ඒ නිසා අපි හිතුවා පුංචි දරුවන්ගේ වර්ධනයේ ඉතාම අපහසු වයසක් වෙන වයස අවුරුදු දෙක එහෙමත් නැත්තම් Terrible Two කියලා හඳුන්වන වයස ගැන පොඩි විස්තරයක් අරගෙන එන්න. මේ විස්තරය කියවල ලබාගන්න අවබෝධය බොහොම වැදගත් දරුවෙකුගේ මේ වයසේදී ඇතිවෙන ගැටළු සාර්ථකව පාලනය කරගන්න.

 

Terrible Two කියල කියන්නෙ දරුවන් වයසින් වැඩෙනකොට පසුකරන සාමාන්‍ය වර්ධන අවධියක්. බොහෝවිට මෙම අවධියේදී දරුවන් ක්ෂණික කෝපය, ප්‍රතිරෝධී හැසිරීම් වගේම නිතර කලකිරෙන, හඬාවැටෙන ගති පෙන්වනවා. මේක කිසිසේත්ම රෝගයක්නම් නෙමෙයි. දරුවෙකුගේ වර්ධනයත් එක්ක ඇතිවෙන සාමාන්‍ය හැසිරීම් වල එකතුවක්. මේ අවධිය terrible two කියන නමින් හැඳින්වෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙක වගේ කාලයේදී ඇතිවෙන නිසයි. හැබැයි මේ තත්ත්වය අනිවාර්යයෙන්ම ඇතිවෙන්නේ වයස අවුරුදු දෙකේදිමයි කියලා නියතයක් නැහැ. සාමාන්‍යයෙන් වයස මාස 18ත් 30ත් අතර කාලයේ, ඒ කියන්නෙ අවුරුදු එකහමාරත් දෙකහමාරත් අතර කාලයේ තමයි මේ තත්ත්වය ඇතිවෙන බව කියන්නෙ. හැම දරුවෙක්ම මේ වයස් සීමාව තුල අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණ වලට මුහුණ දෙනවා. 

 

වයස අවුරුදු එක පහුවුනා කියන්නෙ දරුවා තවදුරටත් සිඟිත්තෙක් එහෙමත් නැත්තම් අපි baby කියන අවධියේ නෙමෙයි. දරුවා සීඝ්‍රයෙන් බුද්ධිමය වශයෙන් සහ ශාරීරිකව වර්ධනය වෙන වයස තමයි එතනින් පස්සෙ ආරම්භ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කියන වයසෙදි දරුවන් ඇවිදින්න, කතාකරන්න, විවිධ අදහස් දරන්න, හැඟීම් තෝරාගන්න, බෙදාහදාගන්න වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මේ හැමදෙයක්ම ඔවුන් ඉගෙන ගන්නෙ අවට පරිසරයෙන්. ඒ නිසා දකින හැමදේම නිරීක්ෂණය කරලා තමන් විසින්ම දේවල් කරන්න, අලුතෙන් ඉගෙනගන්න ඔවුන් හැම වෙලාවෙම උත්සාහ කරනවා. හැබැයි ඒ හැමදේම තනියම කරගන්න ඔවුන්ගේ හැකියාවන්, භාෂාව එහෙම ප්‍රමාණවත් නොවුනහම ඔවුන් ලේසියෙන්ම කලකිරෙන්න, කේන්ති ගන්න පෙළඹෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි මේ වයස ඉතාම අපහසු වයසක් විදිහට වෛද්‍ය විද්‍යාත්මකව සැළකෙන්නේ. 

 

මේ තත්ත්වය රෝගයක් නොවුණට හඳුනාගන්න පහසු අවේණික ලක්ෂණ කිහියක් තියෙනවා. ඒ කියන්නෙ වයස අවුරුදු එකහමාරත් 3ත් වගේ අතරේ දරුවන්ට මේ ලක්ෂණ තියෙනවනං ඔවුන් ඒ අපහසු වයස පසුකරන බව අපි තේරුම් ගන්න අවශ්‍යයි.

 

 

මේ කියපු සියළු ලක්ෂණ අදාළ තත්ත්වයට අවේණික ලක්ෂණ උනාට මේවා ඇත්තටම terrible two ලක්ෂණද එහෙමත් නැත්තම් ඊට වඩා තරමක් බරපතල මනෝව්‍යාධි තත්ත්වයක හැසිරීම් ලක්ෂණද කියලා හඳුනාගන්න එක වැදගත්. පහත ලක්ෂණ පෙන්වනවානම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here