නිදහස ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රධානම මරමස්ථාන වෙත අත තබමින් සිටින බවයි.
පළමුව මැතිවරණ කොමිසමට, දෙවනුව අධිකරණයටත් , ඊළග ඉලක්ක වන්නේ මාධ්‍යයට යැයි අලහප්පෙරුම මහතා පවසයි .
ජනාධිපතිවරයා විසින් මේ ගෙන යන ක්‍රියා දාමයට එරෙහිව , පක්ෂ පාට බේදයකින් තොරව ඊට මුහුණ දිය යුතු බව කී ඒ මහතා පුරවැසියෙක් වී සටන් වදිනවාද එසේත් නැතිනම් යටත්වැසියෙක් වී සිටිනවාද යන්න තීරණය කළ යුතුව ඇති බවද ඒ මහතා කී ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ජනාධිපතිවරයා විසින් බුල්ඩෝසර් කරමින් සිටින බවයි .
ඉදිරි සතියේදී ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරු වරුන් තුන්දෙනකු කැඳවීමට සැරසෙමින් සිටින බව කී ඒ මහතා එසේ ගෙන්වීමට සූදානම් වන්නේ පළාත් පාළන මැතිවරණය පැවැත්විය යුතුයි කී විනිසුරු වරුන් බවත් පැවසීය .
අතීතයේ දවසක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එම වැරැද්දම කළ බවත් අදටත් එම ක්‍රියාවෙන් වූ විනාශයෙන් ගොඩ ඒමට නොහැකිව සිටින බවද පැවසීය .
එබැවින් ඔහු අවධාරණයෙන් කියා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටියට එරෙහිව නැගීසිටිය යුතු බවත් මේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය වලදමන්නට කරන්නා වූ මේ වැඩපිළිවෙළට එරෙහිව පෙළගැසිය යුතු බවයි .
Saru Fm Media