පුරුෂයින්ගේ ලිංගික බෙලහිනතාවයට බලපාන සාධක කිහිපයක් – Sexual impotence – Saru News Media

0
4

ලිංගික කාර්යය සම්පූර්ණ කරගැනීම පිණිස පුරුෂ ලිංගික අවයවය වන ශිෂ්ණය ප්‍රාණවත් විය යුතු අතර ඒ ප්‍රාණවත් ස්වභාවය නිසි කාලයක් පවත්වාගෙන යෑමට හැකි විය යුතුය. මොළයෙන් ලැබෙන සංඥා අනුව හෝමෝන වල බලපෑමෙන් ශිෂ්ණයේ ඇති රුධිර නාලිකා පිරේ. එවිට ශිෂ්ණය ප්‍රාණවත් වීම සිදු වේ. මෙය සංකීර්ණ ක්‍රියාවලියකි.

 

ලිංගික ක්‍රියාවලිය කෙරෙහි මොළය යනු ප්‍රබල ලෙසම වැදගත් වන උපාංගයකි. ලිංගික ක්‍රියාව යැයි කියු කල ඒ අදාල ඉන්ද්‍රියෝ මිසක මොළය නම් අපට සිහිවන්නේ කලාතුරකිනි. එහෙත් අපගේ සියලුම හැගීම් දැනීම් ජනනය වන්නෙේ මොළය ආශ්‍රයෙනි. Depression හෙවත් විශාදය මගින් මොලයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ගෙනදේ. එවිට ලිංගික සක්‍රියතාවයද ඒ අනුව අඩු වේ.

 

අධික මත් පැන් පානය තුලින් ශිෂ්ණය ප්‍රාණවත් වීම ආදී ලිංගික ගැටළු කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද ඇතිවීමේ අවධානම වැඩිය. අවදානම වැඩිය යනු බොන හැම දෙනාටම එය එසේම වන්නේ නැත. සාමාන්‍ය අය හා සලකන විට මත්පැන් වැඩිපුර පානය කරන අයගේ ලිංගික  හැකියාව අඩු බැව් පර්යේෂණ මගින්ද සනාථ කොට තිබේ.

 

අධී රුධිර පීඩනය වේදනා නාශක, ආදී ඇතැම් ඔසු ලබාගැනීමෙන්ද පුරුෂ ලිංගික බෙලහිනතාවය ඇති විය හැකිය. අහිතකර මත්ද්‍රව්‍ය වන  ගංජා කොකේන් සහ හෙරොයින් හරහාද ලිංගික ශක්තිමත් බව අඩු වේ.

 

මානසික අවුලක් ඇති විට අපි ආහාර ගැනීම් රටාවන් ආදියද වෙනස් වන බව ඔබ අත්දැකීමෙන් දනී. එසේම දැඩි මානසික පීඩනය තුලින් ලිංගික ආසාවටද ඇතිකරන්නේ ප්‍රබල බලපෑමකි. එබැවින් මානසික පීඩනය වැඩි නම් ඒ වටපිටාවෙන් ක්‍රමයෙන් ඉවත් වී අඩුවෙන් ස්ට්‍රෙස් දැනෙන වටපිටාවකට යොමු වීම මනාය.

 

ලිංගික ක්‍රියාවලියක් සාර්ථක වීමට ඒ අදාල දෙදෙනා තුල ඇතිවන ආදරණීය හැගීම් වලින් ඉටුකරන්නේ වැදගත් කාර්යයකි. එකිනෙකා කෙරෙහි  වෛරයෙන් තරහින් සිටින විට ලිංගිකව ප්‍රබෝධමත් වීම නිසියාකාරව සිදු නොවේ. යාන්ත්‍රික වූ ලිංගික ක්‍රියාවන් අසැබි වීඩියෝ දසුන්වල සුලබ වුවද සැබෑ ලිංගික කාර්යය යනු දෙදෙනාගේ ආදරය හා ආත්මීය හැගිම් මතින් කුලුගැන්වී ජනනය වන වඩාත් ස්වාභාවික ක්‍රියාවලිය වේ.

 

බියවීම හේතුවෙන් ලිංගික දුබලතාවයන් සහ අවහිරවීම් සිදුවීම කාන්තාවන් කෙරේද බලපාන සංසිද්ධියකි. අනවශ්‍ය ලෙස බිය සැක සාංකාවන් සිත්හි තිබේනම් ලිංගික අවයවය ප්‍රාණවත් වී ඒ කාර්යය ට මනස හා සිරුර සූදානම් නොවේ. එබැවින් බිය සැක දුරුකරගැනීමට යම් කාලයක් මිඩංගුකරගැනීම මනාය.

 

රුධිර ගමාගමනයට පවා බාධා වන පරිද්දෙන් කඳ බඩ විශාල කරගන්නා අය මුහුණදෙන සෞඛ්‍යමය ගැටළු අතර ලිංගික බෙලහීනතාවයද වේ. විශාල සිරුරු බරක් තිබීමෙන් හෝමෝන සංකූලතාවයන්ද ඇති විය හැකිය. ඒ තුලින් ලිංගික අවයවය කරා ගමන් කරන රුධිර වාහිනී වල රුධිර ගමන අඩාල වීමෙන් ගැටළු ඇති වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here