පොඩ්ඩෝ කන්න අකමැතිම කෑම, කන්න කැමති විදිහකට හදලා දෙමු ද? – Saru FM Media

0
106


අම්මලාට තියෙන ලොකුම ගැටළුවක් තමයි දරුවන්ට සමහර එළවළු – පළතුරු කවන එක. ගුණදායක එළවළු-පළතුරු කන්න ගොඩක් පොඩ්ඩෝ මැලියි. එවැනි අවස්ථා වලදී පොඩ්ඩෝ ආසාකරන විදිහකට එළවළු – පළතුරු සකස්කරගන්න පුළුවන් පුංචි උපක්‍රමයක් Saru FM Media තුළින් Chef චතුරිකා ගෙනත්.

වියලූ පළතුරු (Dehydrated Fruits)

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඔබ කැමති පළතුරු විශේෂයක් (අඹ, අන්නාසි, කෙසෙල්, දොඩම්)
  • දැවටීම සඳහා සීනි

සාදන ක්‍රමය:

  1. පළතුරු හොඳින් සෝදා පොතු හැර තරමක ඝණකමට සිටිනසේ පෙති කපාගන්න.
  2. උඳුනක භාවිතා කල හැකි තැටියක් මත මෙම පළතුරු කැබලි තුනී තට්ටුවක් ලෙස සිටින සේ අතුරන්න.
  3. සෙල්සියස් අංශක 200 කට රත්කල උඳුනක තබා පැයක පමණ කාලයක් බේක් කරගන්න. (අවශය නම් උෂ්ණත්වය අඩුකර ඊට වැඩි වේලාවක් බේක් කරගන්න)
  4. පසුව වියලූ පළතුරු කැබලි වලට සීනි එක්කර යන්තම් කලවම් කොට සුළං නොවදින සේ බෝතල් වල අසුරා දරුවන්ට කැමති විටක ආහාරයට ගන්නට තබන්න.

විවිධ පළතුරු බේක් කරගැනීමට ගතවන කාලය අඩු-වැඩි වන බැවින් එක් වරකට එක් පළතුරු වර්ගයක් පමණක් බේක් කරගන්න.

වට්ටක්කා සහ දොඩම් සුප් පොප්සිකල්ස් (Pumpkin and Orange Soup Popsicle)

අවශ්‍ය ද්‍රව්‍ය:

  • වට්ටක්කා 500g
  • නොර් චිකන් කියුබ් 2
  • දොඩම් යුෂ කෝප්ප ½
  • වතුර ලීටර් 1 ½
  • ලුණු රස පදමට
  • ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 4

සාදන ක්‍රමය:

  1. වට්ටක්කා හොඳින් සුද්දකර කුඩා කැබලි වලට කපාගන්න. දැන් මෙය වතුර හා නෝර් කැට දෙක සමඟ හොඳින් තම්බා ගන්න.
  2. වට්ටක්කා තැම්බුනු පසු නිවෙන්නට හැර බ්ලෙන්ඩරයක් ආධාරයෙන් පියුරි එකක් ලෙසට අඹරා ගන්න.
  3. නැවතත් වට්ටක්කා මිශ්‍රණය ලිප තබා උතුරණ විට දොඩම් යුෂ දමා කලවම් කරන්න. අවසානයට ෆ්‍රෙෂ් ක්‍රීම් ද එක්කර ලිපෙන් බා නිවෙන්නට හරින්න.
  4. පසුව මෙම මිශ්‍රණය පොප්සිකල් මෝල්ඩ් වලට දමා අධි ශීත කරණයේ තබා පිළිගන්වන්න.

මෙම සුප් මිශ්‍රණය වඩාත් දියාරු නොකර ඝණත්වයෙන් යුතුව සාදනවා නම් වඩාත් සුදුසුය.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here