මොකක්ද මේ Offend වෙනවා කියන්නේ? ඒ කියන්නේ මොකක් හරි අපි කරන දෙයක්, කියන දෙයක්, එහෙම නැතිනම් අපේ හැසිරීමක් තමන්ට කරන වරදක් විදියට බාර අරගෙන, ඒ ගැන අමනාප වෙන එක. අපි උදාහරණයකින් ඒක තේරුම් ගමු. අපි කියපු මම කලුයි කියලා. දැන් ඔන්න ඔෆිස් එකේ යාළුවෙක්, අනිත් අයත් ඉස්සරහා මගේ ශරීර වර්ණය සම්බන්ධ කරලා විහිළුවක් කරනවා. අපි කියමු එයා කියන්නේ, “මගේ හමේ පාට කළු නිසා මම කැතයි, ඔෆිස් එකේ මොකක් හරි ඉවෙන්ට් එකකටවත් මාව යවන්න සුදුසු නැහැ ඒක නිසා” කියලා. දැන් මේක නිකම්ම සරල අහිංසක විහිළුවක් විදිහට බාර අරගෙන අපිට ඉන්න පුලුවන්ද? බැහැ. එයා ඇත්තටම එතනදී කරන්නේ, අපේ සමේ වර්ණය පදනම් කරගෙන අපිව කොන් කිරීමට උත්සාහ කිරීමක්. අන්න ඒ වගේ දේකදී අපි Offend වෙලා, අපි Offend වුනා කියන එක ප්‍රකාශ කරන්න ඕන. මොකද ඒක පැහැදිලිවම වැරැද්දක්.
හැබැයි දැන් කාලේ අපි දකිනවා, Offend වෙන්න අවශ්‍ය නැති තැන්වලදී පවා මිනිස්සු Offend වෙනවා. ඒකත් උදාහරණයකින් තේරුම් ගමු. ඔන්න ඔෆිස් එකක වැඩ කරන මනුස්සයෙක් හැමදාම ඔෆිස් එකට එන්නේ පරක්කු වෙලා. මේක කරන්න බැරි තැන, බොස් මේ මනුස්සයට කතා කරලා කියනවා “මේක මේ විදියට කරන්න බැහැ, ඔෆිස් එකට එන්න නියමිත වෙලාවක් තියෙනවා, ඔයා මේ සතියෙ නම් වෙලාවට එන්න ඕන, එහෙම නැතිනම් අපිට ඔයා ගැන තීරණයක් ගන්න වෙනවා” කියලා. ඔන්න දැන් එහෙම කිව්ව එකට මේ මනුස්සයා Offend වෙනවා. දැන් ඒ විදියට මේ සේවකයාගේ වැරැද්දක් පෙන්නන දීපු එකට මේ සේවකයා Offend වුණා කියලා බොස් ඒ Offend වීමට බය වෙන්න ඕනද? නෑ. ඒ වගේ තැනකදී කරන්න ඕන දේවල් සහ, එහෙම කෙනෙක් ඕනම දෙයක් Offend වීමක් විදිහට ගන්න කලින් කරන්න ඕන දේවල් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.
තව කෙනෙක් අපි දෙයක් කරන කියන හෝ හැසිරෙන විදිය නිසා Offend වීම කොයිතරම් සාධාරණද අසාධාරණද කියන එක තේරුම් ගන්න නම්, අපි මුලින්ම තේරුම් ගන්න ඕන කෙනෙක් Offend විය යුතු දේවලුත් මේ ලෝකෙ තියෙනවා කියලා. ඒකට උදාහරණයක් අපි හඳුන්වාදීමේදී පෙන්නුවානෙ. කෙනෙක්ට හිරිහැරයක් වෙන විදියට, සිත් රිදීමක් වෙන විදියට, අගතියක් හෝ කොන් කිරීමක් වෙන විදියට, ගැරහීමක් වෙන විදිහට අපි හැසිරෙනවා නම්, මොනවා හෝ දෙයක් කියනවා නම්, මොනවා හෝ දෙයක් කරනවා නම්,ඒකට Offend වෙන්ඩ කෙනෙක්ව සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි ඒක සාධාරණ හේතුවක් වෙන්න ඕන. උදාහරණයක් විදියට, කෙනෙක් මගේ රටට ගරහනවා නම්, ඒක Offend වෙන්න කාරණයක් තමයි. හැබැයි කෙනෙක් මම කැමති නලුවාට රඟපාන්න බැහැ කියලා කියනවා නම්, ඒක එයාගෙ පෞද්ගලික අදහස ප්‍රකාශ කරන්න තියෙන අයිතිය මිසක්, මට Offend වෙන්න කාරණයක් නෙවෙයි. ඔන්න ඔය වෙනස තේරුම් ගත්තහම, කෙනෙක් සාධාරණ හේතුවක් මතද Offend වෙන්නේ, නැතිනම් තේරුමක් නැති දෙයකටද කියලා අවබෝධ කරගන්න පුළුවන්.
මේක ඕන දේකට අදාළ වෙන දෙයක්. ඒ තමයි අපි වැරැද්දක් කළොත් ඒකට සමාව ඉල්ලන්න ඕන කියන එක. මෙතනදි අපි උඩ කියපු පොයින්ට් එක අනුව තේරුම් ගන්න ඕන, අපි විහිළුවක් විදියට හරි කෙනෙක් ඇත්තටම Offend වෙන්න ඕන විදියේ දෙයක් කියලා හරි කරලා හරි තියනවද කියන එක. එහෙම අපි අතින් වැරැද්දක් වෙලා තියෙනවා නම්, අපි විහිලුවට හරි කියලා හිතාගෙන කියපු දෙයක් ඇත්තටම කෙනෙක් Offend වෙන තරමේ දෙයක් නම්, ඒක සාධාරණීකරණය කරන්න යන්නේ නැතුව, වහාම සමාව ඉල්ලන්න. එහෙම දෙයක් ආයෙත් නොවෙන බව කියන්න. එහෙම දෙයක් ආයෙ නොකරන්න වග බලා ගන්න. සමහර වෙලාවට අපිට හිතෙයි, මොන බම්බුවකට ද ඒ වගේ දේකට Offend වෙන්නේ කියලා. එහෙම හිතුණත්, අපි උඩ කියලා තියෙන විදියට ඒක පදනම් සහගත Offend වීමක් නම්, එතැනදී අපි වැරදියි. එතකොට අපි අපේ වැරැද්ද පිළිගන්න පුළුවන් පෞරුෂත්වයක් තියෙන කෙනෙක් වෙන්න ඕන.
මේ කාරණාව උඩ කියපු පොයින්ට් දෙකටම සම්බන්ධයි. දැන් ඔන්න කවුරුහරි Offend වෙනවා අපි කියපු දේකට. හැබැයි ඒ අපි කියපු දෙය එයාට සම්බන්ධ දේකුත් නෙවෙයි. එයාට හානියක් වෙන හෝ, එයාට කොන් කිරීමක් හෝ ගර්හාවක් සිදුවෙන දේකුත් නෙවෙයි. කොටින්ම කියනවනම් මේක සිහි මොලේ ඇති මිනිහෙක් Offend වෙන කාරණාවකුත් නෙවෙයි. දැන් එතකොට අපි මොකද කරන්නේ? සමහර වෙලාවට අපි හිතන්න පුළුවන්, මෙයා සාධාරණ හේතුවකට නොවුනත් Offend වෙලා ඉන්න නිසා, ඔන්න ඔහේ සමාව ඉල්ලනවා කියලා. සමාව ඉල්ලුවා කියලා අතින් පයින් යන්නෙ නෑනේ කියලා. හැබැයි අපි කියන්නෙ ඒ වගේ දෙයකදී, ඒ කියන්නෙ උදාහරණයක් විදිහට කියනවා නම්, එයා කැමතිම නිළිය ගේ රංගනයට අපි කැමති නෑ කිව්වා කියලා, එහෙම නැතිනම් යම් කිසි දෙයක් සම්බන්ධයෙන් එයාගේ අදහසට විරුද්ධ අදහසක් අපි දැරුවා කියලා වගේ දේකට Offend වෙනවානම්, අපි එතනදි සමාව ඉල්ලන්න යන එකේ ප්‍රශ්නයක් තියෙනවා. එතනදී අපි කරන්නේ කිසිම හේතුවක් නැතුව Offend වෙන එක හරි කියලා, ඒ කෙනාගේ හැසිරීම වලංගු භාවයට පත් කිරීමක්. අන්න ඒ නිසා Offend වෙන්න ඕන නැති කාරණාවකට අසාධාරණව Offend වෙන කෙනෙක්ට සුජාත භාවයක් ලබා දෙන්න යන්න එපා, ඒ වගේ තැනකදි සමාව ඉල්ලලා.
ඇත්තටම හේතුවක් නැතුව Offend වෙන, ඕනවට වඩා sensitive කියලා පෙන්නන්න මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි, අපි තාර්කික වෙන එක. හරි අපි උදාහරණයකින් මේක පැහැදිලි කර ගමු. ඔන්න අපි සංවාදයක ඉන්නවා කියමු. එතන ඉන්න ගෑණු ළමයෙක් මතු කරන කාරණා අපි තර්කානුකූලව බිඳ හෙළනවා. දැන් ඔන්න ඒ ළමයා අපිත් එක්ක Offend වෙනවා. එයා කියනවා අපි එයාගේ මතය පිළිගන්නේ නැත්තේ, එහා ගැහැණු නිසා කියලා. අන්න එතකොට අපිට තර්කයට යන්න පුළුවන්. අපිට අහන්න පුළුවන්, ඒ කියන්නේ ඔයාගේ මතය හරි කියන එකද කියලා. ඔව් කිව්වොත් අපිට පුළුවන් ඒ මතය තාර්කිකව කොහොමද වැරදි වෙන්නේ කියන එක කරුණු කාරණා සාධක සහිතව පෙන්නන්න. දැන් අහන්න පුලුවන් ඔයාගේ මතය වැරදියි කියන එක ඔප්පු වෙනවා, එතකොට තාර්කිකව ඔයාගේ මතය වැරදි වෙන්නේ ඔයා ගැහැණු නිසාද කියලා. මෙන්න මේ විදියට තර්කානුකූලව එයා Offend වෙන කාරණය තේරුමක් නැහැයි කියලා අපිට පෙන්නන්න පුළුවන්.
තව උදාහරණයක් ගත්තොත්, අපි කියමු ඔෆිස් එකේ අපේ යටතේ වැඩ කරන කෙනෙක් ඉන්නවා. හැබැයි එයා වැඩ සම්පූර්ණ කරන්නේ නැහැ. එතකොට අපි එයාට feedback එකක් දෙනවා, එයාගේ වැඩ කිරීම බලාපොරොත්තු වෙන මට්ටමේ නැහැ කියලා. එයා ඒකට Offend වෙනවා. දැන් අපිට පුළුවන් එයාගේ වැඩ අතීතය සාධක සහිතව පෙන්නන්න. එයාට අපි මෙන්න මෙදා මේ වැඩේ බාර දීලා තියෙනවා, දවස් දෙකක් ඇතුළත සම්පූර්ණ කරන්න කියලා. එතකොට එයා දවස් පහක් ගිහිල්ලත් අපිට භාර දීල තියෙන්නෙ මෙන්න මේ තරම තමයි. ඒ කියන්නේ වැඩෙන් බාගයයි. මෙන්න මේ විදිහට කරුණු හා සාක්ෂි සහිතව පෙන්වල දුන්නහම එයාගේ වැඩ කිරීම අඩුපාඩු සහිතයි කියලා, සමහර වෙලාවට එයාටම තේරෙයි එයා Offend වෙලා තියෙන්නේ එයාගෙම වැරැද්දක් පෙන්වා දීමකට කියලා.
මෙන්න මේකත් වැදගත් කාරණයක්. සමහර වෙලාවට කෙනෙක් ඔයා කියන දේකට Offend වෙන්නේ, එතන ඔයා කියලා තියෙන දේ සම්බන්ධයෙන් නෙවෙයි. ඒක ඔයා කිව්ව ආකාරය සම්බන්ධයෙන්. ඒක බොහෝ දුරට වෙන්න පුළුවන් දෙයක්. අපි උදාහරණයකින් මේක තේරුම් ගමු. ඔයා බොස් කෙනෙක්. ඔයා කාර්යාලයේ රැස්වීමකදී කියනවා, දෙන වැඩ නියමිත කාලය ඇතුළත සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි කියලා. ඒක කියලා ඔයා අහනවා “තේරුණාද සම්පත්, ෂෙරීන්” කියලා. ඔයා ඒ දෙන්නගේ නම් කියන්නේ, ඔයාට මුලින්ම ඇසට අහු වෙන්නෙ ඒ දෙන්නා නිසා. හැබැයි මේ දෙන්නා Offend වෙනවා, ඔයා එක කියපු විදියෙන් අදහස් වෙන්නේ, ඒ දෙන්නා දෙන වැඩ නියමිත කාලය ඇතුළත සම්පූර්ණ කරන්නේ නැහැ වගේ කාරණයක් කියලා හිතලා. තේරෙනවද සම්පූර්ණයෙන්ම වලංගු කාරණයක් වුණත් ඔයා කියන විදියෙන් කෙනෙක් Offend වෙන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා අපි දෙයක් කියන්න කලින්, ඒ කියන දෙය හරියට අපි අතින් සන්නිවේදනය වෙනවද කියන එක හිතලා බලන්න ඕන.
අපි අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී, අපිට තියෙන්නම ඕන ගුණාංගයක් තමයි මේක. ඒ කියන්නේ භාවමය බුද්ධිය නැතිනම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. මේකෙන් කියන්නෙ තමන්ගෙ හැඟීම් කළමනාකරණය කරගන්න තියෙන හැකියාව වගේම, අනිත් අයගේ හැඟීම් හඳුනාගනිමින්, අනික් අය එක්ක වැඩ කරන්න තියෙන හැකියාව. කොටින්ම කියනවා නම්, වෙනත් කෙනෙක් සම්බන්ධ වෙන යම් කිසි කාරණයකදී, අපිට ඒ කෙනාගෙ සපත්තු වලට බැහැලා ඒ ගැන හිතලා බලන්න පුළුවන් හැකියාව. මෙන්න මේක තියෙනවා නම්, ගොඩක් වෙලාවට අපි අතින් කෙනෙක්ගෙ හිත රිදෙන විදියේ දේවල් කියවෙන්නේ හෝ කෙරෙන්නේ නැහැ. අන්න එතකොට ලේසියෙන්ම Offend වෙන කෙනෙක් එක්ක වුණත්, ප්‍රවේශමෙන් වැඩ කරන්න අපිට හැකියාවක් ලැබෙනවා. ඒකෙන් කියන්නේ අපි ලේසියෙන්ම Offend වෙන කෙනෙක්ට, එයාගෙ දුර්වලතාවය සම්බන්ධයෙන් වලංගුභාවයක් ලබා දෙනවා කියන එක නෙවෙයි. හැබැයි අපි එහෙම කෙනෙක් එක්ක වුණත් භාවමය බුද්ධියක් සහිතව වැඩ කරනකොට, ප්‍රශ්න ඇතිවීම අඩු කර ගන්න පුළුවන්.
Saru Fm Media