පොලී අනුපාතික මෙලෙස පහත වැටී තිබෙන්නේ රුපියල් බිලියන 125ක, සැලකිය යුතු තරම් විශාල, බිල්පත් තොගයක් වෙන්දේසි කරද්දී වීම විශේෂත්වයක්. මෙම බිල්පත් ප්‍රමාණය සඳහා එමෙන් දෙගුණයකට ආසන්න, රුපියල් බිලියන 241.3ක ලංසු ඉදිරිපත් වී තිබෙනවා.
මෙයින් පෙනී යන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ අවදානම්හි පහළ යාමක් විය හැකියි. මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වනු ඇති බව පෙනෙන්නට ඇතත් එයින් සිදු විය හැකි අලාභය ගැන බිල්පත් හිමියන්ට තිබුණු අවිනිශ්චිතතා අඩු වී තිබෙනවා.
දේශීය ණය කියන්නේ මොනවාද?
අප කතා කරන සන්දර්භය තුළ, දේශීය ණය යනු ශ්‍රී ලාංකිකයින් විසින් රාජ්‍ය අංශයට ලබා දී ඇති ණයයි. එම සන්දර්භය තුළ, විදේශ ණය යනු රාජ්‍ය අංශය විසින් විදේශිකයින්ගෙන් ලබා ගෙන ඇති ණයයි. කෙසේ වුවද, මෙම වර්ගීකරණය ආර්ථික සංඛ්‍යාලේඛණ වල කරන වර්ගීකරණයක් මිස භෞතික හෝ නීතිමය වෙනස්කමක් මත කරණ වර්ගීකරණයක් නෙමෙයි. අයිතිය වෙනස් වීම නිසා ඕනෑම මොහොතක දේශීය ණයක් විදේශීය ණයක් විය හැකියි. එහි අනෙක් පැත්තද විය හැකියි.
නීතිමය කටයුත්තක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ඉහත වර්ගීකරණය එතරම් වැදගත් නැහැ. එහිදී වැදගත් වන්නේ ණය ගිවිසුම සිදුව ඇති නීතියයි. ඇතැම් ණය ලංකාවේ නීතිය යටතේ ලබාගෙන ඇතත්, තවත් ඇතැම් ණය ලබා ගෙන තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේයි. මේ ගොඩවල් දෙකේම දේශීය ණය මෙන්ම විදේශීය ණයද තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය තුළ, ණය වර්ගීකරණය කරන්නේ මේ ආකාරයෙන් නෙමෙයි. එහිදී කාණ්ඩ තුනක් යටතේ ණය වර්ගීකරණය කෙරෙනවා.
Saru Fm Media