පෞද්ගලිකත්වය රැකගෙන සමාජජාලා වල සැරිසරමු – Saru News Media

0
18

ඉස්සර වගේ නෙමෙයි. අද කාලේ කියන්නෙ මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක්. කොයිතරම් දුරක ඉඳගෙන උනත් එක ක්ෂණයකින් ලෝකේ එහා කොනේ සිද්ධ වෙන දෙයක් උනත් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි මිතුරු සබඳකම්. ෆේස්බුක්, ට්විටර්, ස්කයිප්, වයිබර්, වට්ස්ඇප් කියන ඔය සියළුම සමාජ ජාලා වෙබ් අඩවි වලට ස්තූතිවන්ත වෙන්න යාළුමිත්‍රකම් පවත්වන එක හරිම ලේසි වැඩක්. හැබැයි අපි සරලව දැක්කට ඕක පිටිපස්සේ තියෙන අවදානමනම් සරල නැහැ. අපේ ජීවිතේ සියළුම දේවල් අන්තර්ජාලයත් එක්ක බෙදා ගන්න එක, එක වේලාවකදී ලොකු අවදානමක් වෙන්නත් පුළුවන්. ඉස්සර සිදුවුණ අපරාධ වලට අමතරව සයිබර් ක්‍රයිම්ස් නැත්තම් අන්තර්ජාලය හරහා සිදුවෙන අපරාධ දැන් කාලෙ හරිම සුලභයි. ඉතින් තමන්ගේ පෞද්ගලිකත්වය රැකගෙන ඔය කියපු සමාජ ජාලා වල සැරිසරන එක හැමෝම අවධානය යොමු කරන්න ඕනෙ කාරණාවක්.

 

Image Source – myfoodstory.sg

අපි සාමාන්‍යයෙන් ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන කනෙක්ෂන් එක ගැනයි මේ කියන්නේ. තමන්ගේ ගෙදර හෝ මොබයිල් එකට සම්බන්ධ ඩයලොග්, මොබිටෙල් වගේ ඉන්ටනෙට් නෙමෙයි. කොහේ හරි ප්‍රසිද්ධ තැනක ෆ්‍රී වයිෆයි කියල උඩ පැනගෙන කනෙක්ට් වෙන්න කලින් ඒ සම්බන්ධතාවයේ ආරක්ෂාව ගැන හොයල බලන්න. හොඳටම නොදන්න තැනකනම් ෆ්‍රී දුන්නයි කියල ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න යන්න එපා. ලේසියෙන්ම ඒ හරහා ඔබේ දුරකථනය හෝ සෝෂල් මීඩියා එකවුන්ට් එක හැක් කරන්න පුළුවන්.

 

Image Source – imore.com

කතාවට කියන්නෙ හරියට පාස්වර්ඩ් එක කියන්නෙ තමන්ගේ දත් බුරුසුව වගේ කියල. වෙන කාටවත් පාවිච්චි කරන්න දෙන්න බැහැ. පාස්වර්ඩ් යොදද්දී උණත් හුඟක් කරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. ලේසියට නමයි 1234 කියල දාන පාස්වර්ඩ් ඕනම කෙනෙකුට ලේසියෙන් ගෙස් කරන්න පුළුවන්නෙ. පාස්වර්ඩ් එකක් දාද්දි සයිට් එකෙන් ඉල්ලන කැපිටල් සිම්පල් අකුරු, ඉලක්කම්, සංකේත කියන ඔක්කොම පාවිච්චි කරලා ශක්තිමත් මුරපදයක් හදාගන්න. අනිත් එක තමයි Two Factor Authentication. ඒ කියන්නෙ පාස්වර්ඩ් එක ගැහුවත් නැවත තහවුරු කිරීමකින් මිසක් ඔබේ එකවුන්ට් එකට ලොග් වෙන්න බැහැ. පාස්වර්ඩ් ගහල ලොග් වෙන්න ට්‍රයි කරද්දී ෆෝන් එකට මැසේජ් එකක් එනව මේ ලොග් වෙන්න හදන්නෙ ඔයාමද අහල. මේකත් පරිස්සම් වෙන්න හොඳම ක්‍රමයක්.

 

Image Source – twitter.com

තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු, පෞද්ගලිකත්වය ප්‍රදර්ශනය කෙරෙන ඡායාරුප කිසිසේත්ම අන්තර්ජාලයට නිකුත් කරන්න එපා. එයාල අහනවා තමයි නමයි, ගමයි, උපන් දායි, ඉස්කෝලෙයි ඔක්කොම. ඒත් තොරතුරු දෙන්නෙ පරිස්සමෙන්. තොරතුරු සහ පින්තූර තමන්ගේ උවමනාවට ඇතුළත් කළත් පුළුවන් තරම් සිකියුරිටි හදල ඇතුල් කරන්න. ඒ කිව්වේ බලන්න පුළුවන් ඔයාට හෝ යාළුවන්ට පමණයි. අන්තර්ජාලයට නිකුත් කරන පින්තූර හෝ තොරතුරු වලින් අපි නොහිතන විදිහේ ලොකු ලොකු හානි පෞද්ගලික ජීවිතේට වෙන්න පුළුවන්. ඒ නිසා අවදානමට පෙර වලක්වා ගන්න එක හොඳයිනේ.

 

Image Source – economictimes.indiatimes.com
ෆේස්බුක්, ලින්ක්ඩ්ඉන්, වට්ස් ඇප් එහෙම ඔන්ලයින් ඉන්නකොට බලන්න එපැයි. එන්ජල්ලා, ප්‍රින්සස්ලා, කින්ග් ලා හිටන් රික්වෙස්ට් එවනවා. ඒ අතරේ අසභ්‍ය නම්ගම්, පින්තූර එක්ක පවා රික්වෙස්ට් එනවා. ඔය දෙකම නැතුව හරිම සාමාන්‍ය නම් ගම් වලින් පවා ෆේක් රික්වෙස්ට් එන්න පුළුවන්. ඒ නිසා ඔය කොයික ආවත් අදාළ ප්‍රොෆයිල් එක ගැන හොඳට හොයල බලන්නේ නැතුව රික්වෙස්ට් ඇක්සේප්ට් කරලා තමන්ගේ ගිණුමට එකතු කරගන්නනම් එපා. හොඳම දේ තමයි සැබෑ ජීවිතේදී නොදන්න කිසිම කෙනෙක් මේ සමාජ ජාලා වලදීත් සම්බන්ධ කරනොගන්න එක. ඔය ඔන්ලයින් යාළුකම් සත පහකට විශ්වාස කරන්න බැහැ.

 

Image Source – codester.com

අපි හැමෝම ආසයි තමයි එදිනෙදා ජීවිතේ යන එන හැම තැනම ලස්සන ෆොටෝ ගහල හැමෝටම පේන්න දන්න. ඒත් ඒකත් නරකට හිටින්න පුළුවන්. බලන් ඉන්න කෙනෙක්ට තමන් යන එන තැන් හිතවත් මිනිස්සු කියන ඔක්කොම තේරුම් ගන්න පුළුවන් විදිහට ඉන්ටනෙට් එකට ෆොටෝ, ස්ටේටස්, කමෙන්ට්ස් එහෙම දාන්න එපා. පෞද්ගලික ප්‍රශ්න ප්‍රසිද්ධියේ කතා කරන්න එපා. ඒවගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අය ඕන තරම් ඉන්න පුළුවන්. සමහර දේවල් ප්‍රසිද්ධ කරනවට වඩා තනියම විඳින තරමට ලස්සනයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here