බගවන්තලාවට අයිස් සමඟ තද වැසි – කෙසෙල්ගමුඔය පිටාර ගලයි – Saru FM

0
187


කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත්බිම් වල පිහිටි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පන්ති කාමර කිහිපයක් සහ ඒ අවට පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

බගවන්තලාව ප්‍රදේශයට ඊයේ දින පස්වරු 2 ට පමණ අයිස් සමග ඇද හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුලගත් සමග කෙසෙල්ගමුඔය සහ කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇළ මාර්ග කිහිපයක් පිටාර ගැලිමෙන් මෙම ආපදා තත්ත්වය සිදු වි ඇත.

පාසලේ පන්ති කාමර වලට ජලය කාන්දු විමත් සමග පාසලෙන් ළමුන් ඉවත් කිරිමට එම විදුහලේ විදුහල්පතිවරයා පියවර ගෙන තිබුණි.

මේ අතර බගවන්තලාව කොටියාගල වතුයායේ පහල කොටසහරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා කොටියාගලඔය පිටාර ගැලිමෙන් අවට පිහිටි වතු නිවාස කිහිපයක් ජලයෙන් යට වි ඇත.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා කෙසෙල්ගමුඔය අභියස එලවළු ගොවිපොලවල් කිහිපයක්දජලයෙන් යට වි ඇත.

බගවන්තලාව ටින්සින් වතුයාය හරහා හමා ගිය දැඩි සුලගකින් වතු නිවාස 15 පමණ වහලේ සෙවිලි තහඩු සහ ඇස්බැස්ටෝ ෂිට් කැඩි යාම හේතුවෙන් එම නිවාස වල පදිංචි පවුල් 15 කට අයත් සමාජිකයන් 50 දෙනෙකු පමණ තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා බ්‍රිඩ්වෙල් ඔය අවහිර කරමින් නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින් ඉදි කිරිම් කිහිපයක් සිදු කිරිම නිසා එම ඔයේ ජලය නිසි ලෙස ගලා නොබැසිම හේතුවෙන් තම පාසල සහ ක්‍රිඩාංගණය , ගුරු නිවාස නිතර නිතර ජලයෙන් යට වන බවයි එම පාසලේ ආදි සිසුන් සහ ගුරුවරුන් කියා සිටින්නේ.

ඊයේ දින පස්වරුවේ බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ  පන්ති කාමර කිහිපයක් ජලයෙන් යට විම නිසා එම පන්ති කාමර තුල රොන් මඩ එක්රැස් වි ඇති බැවින් එම පන්ති කාමර වල අධ්‍යාපනය ලැබු සිසු සිසුවියන්ට අද දින නිවාඩු      ලබාදිමට එම පාසලේ විදුහල්පතිවරයා පියවර ගැණින.

 

 

 


Saru Fm Media