බජට් එක අඩු පෙම් හමුවක දී කරන්න පුළුවන් පොහොසත් දේවල් 7ක් – Saru News Media

0
6


එයාව මුණ ගැහෙන්න යන එක මොන තරම් නම් ආසා හිතෙන වැඩක් ද? ඒ වගේම ඒ හමුව පොකැට්ටුවට එක්තරා විදියක බරක් දැනෙන තැනක්. සල්ලි මහ ගොඩක් විසි කරන්න සිද්ධ වුණ පෙම් හමුවලට ගියා ඇති. ඉස්සෝ වඩයක් වුණත් දැන් ගණන්. ඒ නිසා පොකැට්ටුවයි බබයි දෙන්නම බැලන්ස් කරගන්න අලුත් අත්හදාබැලීමක් අවශ්‍ය ඇති. බලමු.


මේක ඉවිල්ලක් වුණත් හා ගැනීමක් නා ගැනීමක් වුණත් කමක් නෑ දෙන්නම මේක කරන්නේ හිතේ සතුටින් නම් කරන්නේ. දැන් ඔය ටීවිවලත් හරි හරියට එකට උයන විදිය පෙන්වන නළු නිළියෝ ඉන්නේ. උන් කරන දෙයක් නෑ ස්ක්‍රිප්ට් එකකට රඟනවා. එහෙම වෙලත් එච්චර නම් ඇත්තම උයනකො​ට කොයි වගේ වේ ද? ඒක ට්‍රයි කරන්නයි, කොහොමත් දෙන්නා එක ගෙදරට යන්න ඉන්න එකේ පුරුදු වෙන්න උයන්න පුළුවන්. 


ෂොපින් කෑල්ල තිබ්බා කියලා බය වෙන්න දෙයක් නෑනේ. සතපහක වියදමක් නෑ කාටවත්. අපේ රටේ සුපිරි පන්නයේ සාප්පු සංකීර්ණවල ගොඩක්ම වෙන්නේ මේක තමයි. ලොස් වෙන්නේ ෂොපින් ගිහින් බඩු ගත්තොතින්. හැබැයි ඒවා බලන්න විතරක් කාගෙන්වත් තහනමක් නැති නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි කම්මැලි ජෝඩුවක් වගේ ඉබාගාතේ ඇවිදින්නේ නැතුව ඩමියකින් හරි ආතල් ගන්න ඕනි.


කාලාන්තරයක් තිස්සේ පටන් කිසිම වියදමක් නැතුව ආදරණීය හෝරාවක් දෙකක් එයා එක්ක ගත කරන්න තියන හොඳම සහ ලස්සනම විදිය තමයි මේ. තරු පිරුණ අහසක් වෙන තරමට ආකර්ෂණීය වැඩියි. ඒ මොකවත්ම නැති අහසක් දිහා බලාගෙන වුණත් ලෝකයේ ගැඹුරුම දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඔය කොච්චරවත් කවි සින්දු එහෙමත් මේ නිසා ලියවිලා තියනවනේ. මේ අහස බැලීම ගොඩක් හොලිවුඩ් චිත්‍රපටවල පවා අනිවාර්‍ය අංගයක් බවට පත් වෙලා. 


දෙන්නා උපන් නගරයේ එදිනෙදා ඇවිදින්නේ කොහොමද? උදේ පාන්දර ඇහැරිලා බස්වල තෙරපිලා වැඩට යනකොට මොහොතකටවත් තමන් ඉන්න වටපිටාව ගැන බලන්න විඳින්න වෙලාවක් නෑ. හැබැයි රාජකාරි අවසන් හවස් කාලයේ එහෙමත් නැත්තම් සතිඅන්තයේ අත්වැල් පටලගෙන ඉබාගාතේ නගරයේ ඇවිදලා බලන්න. කළුවරේ දීප්තිමත් ආලෝක ධාරා මැද්දෑවේ එයා එක්ක යන මේ සමහරක් ගමන් හැමදාටම මතක තියේවි. 

 


පෙම් හමුවකට කියලා බොහෝ අය හමුවෙන්නේ පොඩි කොෆීෂොප් එකක. එහෙමත් නැත්තන් කන්න කියලා හිතාගෙන රෙස්ටෝරන්ට් එකක. අඩුම ගාණේ හොඳ කෝපි කෝප්පයකට රුපියල් 300කට එහා ගාණක් යනවා. ඉතින් ඒ වෙනුවට කාලය කොලිටි විදියට ගත කරන්න පොදු ස්ථානයකට යන්න පුළුවන්. ඒක හිතෙන තරම් ම නරක අදහසක් නෙවෙයි. හැබැයි ගිහින් වැදගත් විදියට ඉන්න ඕනි. උදාහරණයක් වශයෙන් කොළඹ තියන ජාතික කෞතුකාගාරය එහෙම හමුවන්න ඉතා හොඳ නිස්කලංක තැනක්.

 


එයා එක්ක විතරක් නෙවේ යාළුවො එක්කත් අපි පිස්සුවෙන් වගේ පොටෝස් ගන්න ඕනි. කවුරු කොහොම කිව්වත් අන්තිමේ මතකයන් විදියට ඉතුරු වෙන්න තියෙන්නේ මෙන්න මේවා තමයි. ඒක නිසා තැන නොතැන නැතුව පොටෝස් ගන්න ඕනි. ආදරණීය පෝස් එකක ඉඳන් පිස්සු නැකතෙන් ඉපදුණ පෝස් දක්වා විහිදුණු පොටෝ ෂූට් එකක් එයා එක්ක තියන්න. මේක හරි ආසා හිතෙන වැඩක්. සෙල්ෆි කල්චර් එක, ෆිල්ටර්ස්, ස්නැප්චැට් වගේ දේවල් එක්ක තවත් නැගලා යනවා. 


ඔබට පුංචි වාහනයක් තියේ කියලා හිතන් කියන දෙයක් මේක. වෙලාවක කරලා බලන්න. ඩ්‍රයිව් කරන ගමන් කාර් එකේ ප්ලේ වෙන සින්දුව මහ හයියෙන් එකතු වෙලා කියන එක පොෂ් තැනකට ගිහින් මෙලෝ රහක් නැති පිටිගුලි ගිනි ගණන් දීලා ගිලිනවට වඩා හරි ෂෝක්. රෑ 10 පැන්නා කියන්නේ පාරවල සෙනඟ ටිකෙන් ටික අඩු වෙන වෙලාව. සින්දුවක් කියලා පොඩ්ඩක් මත් වෙන්න රෑ තමයි හොඳම.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here