බජට් ෆෝන් අතරට ආ ගූග්ල් හිතවතා – පික්සල් 4a (Pixel 4a) – Saru News Media

0
3

ෆෝන් කියන්නේ දැන් ටිකක් හිමින් අලුත්වෙන දෙයක්. අලුත්ම ෆෝන් ආවාය කියලා අලුත්ම ෆීචර්ස් ගොඩක් දැන් නැහැ. තියෙන ඒවාම එහෙ මෙහෙ කරලා අලුත් කියලා ෆෝන් එනවා. දැන් ලංකාව වගේ රටවල විතරක් නෙමෙයි, බටහිර දියුණු රටවල වුණත් ඩොලර් දාහක් විතර, ලංකාවෙ සල්ලි වලින් නම් රුපියල් ලක්ෂ දෙකක් විතර ෆෝන් එකකට වියදම් කරන පිරිස එන්න එන්නම අඩු වෙනවා. මැද මට්ටමේ ස්මාට්ෆෝන් වලට කැමති පිරිස වැඩියි. 

 

ෆෝන් ඕ එස් අතර ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙන තැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. ඒ අතර පික්සල් කියන්නේ ගූග්ල් සමාගමේ ඔරිජිනල්ම ඕ එස් එක්ක එන සුපිරිම ෆෝන් එකක්. ඉස්සර නෙක්සස් කියන නම යටතේ ගූග්ල් ඔරිජිනල් ෆෝන් ආවා. ඒත් දැන් ගූග්ල් සමාගම එයාලම ෆෝන් එකක් හදලා ඒක පික්සල් කියලා වෙළඳපොලට එනවා. මාකස් බ්‍රවුනි වගේ ෆෝන් රිවීව් කරන අය අතරත් පික්සල් කියන්නේ ආ කාලේ පටන්ම ජනප්‍රිය වුණු ෆෝන් එකක්. ඕ එස් එක වගේම හාඩ්වෙයාර් අතිනුත් කල්පැවැත්ම වැඩි විදිහට හදාපු පික්සල් පහුගිය කාලේ වේගෙන් හිට් වුණා. 

 

 

සැම්සන්ග්, එල් ජී, සයෝමි, හුවාවේ,  වගේ නම ගිය බ්‍රෑන්ඩ් වල පවා මිඩ් රේන්ජ් ෆෝන් වල තියෙන එක පොදු අවුලක් තමයි ඒ ෆෝන් වල ඕ එස් එක එක්ක විවිධ බ්ලෝට්වෙයා, ඇඩ් වෙයා එන එක. ඒ නිසා ටික කාලයකින්ම ෆෝන් එකට ස්ලෝ ගතියක් එන්න ගන්නවා. ඇඩ් කම්පැනි සහ වෙනත් වැඩ වලට අපේ දත්ත හොරාගන්නත් මේ බ්ලෝට්වෙයා ක්‍රියාකරනවා. ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඒ කිසි කරදරයක් නැති ගූග්ල් සමාගමෙන්ම නිකුත් කරන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය. ඒ හරහා ෆෝන් එක ඕ එස් නිසා ස්ලෝ වීමේ අවදානමක් නැතුව පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. 

 

 

මේ කාලේ බජට් මාකට් එක කිව්වට ඇත්තටම පික්සල් 4a ඇමෙරිකාවේ රිලීස් වෙන්නේ ඇමරිකානු ඩොලර් 350කට. ලංකාවෙ සල්ලි වලින් බැලුවොත් රුපියල් 65,000 ක් විතර වෙනවා. ඉතින් ඒ ගාණට අපට නම් මේ ෆෝන් එක බජට්ම කියන්න ටිකක් අමාරුයි. මෑත කාලේ අයි ෆෝන් සමාගම 2020ට අයි ෆෝන් SE මාදිලිය බජට් මාකට් එක වෙනුවෙන් නිකුත් කළා. ගැලක්සි ෆෝන් නිකුත් කරන සැම්සන්ග් සමාගම සැම්සන්ග් ගැලක්සි නෝට් ලයිට් කියලා වර්ෂන් එකක් ඩොලර් 400කට විතර නිකුත් කළා. වන්ප්ලස් අයත් වන්ප්ලස් නෝඩ් දැම්මේ මිඩ් මාකට් එකට. ලංකාවේ ජනප්‍රිය මී, හුවාවේ සමාගමුත් මේ ස්ලොට් එකට ෆෝන් කිහිපයක්ම නිකුත් කළා. ඒ එක්ක මේ ඩොලර් 350-400 සීමාව කියන්නේ දැන් ෆෝන් කිහිපයක්ම තියෙන තරගකාරී වටපිටාවක් වෙනවා. 

 

පික්සල් 4a වල කැමරාව කියන්නේ අරුම පුදුම එකක්. දැන් ලංකාවේ තිබෙන බේසික් ෆෝන් වලත් හිල් දෙක, තුන, හතර කැමරා එනවා. ඒත් පික්සල් වල එන්නේ පොඩි කැමරා ස්පේස් එකක්. ඒත් ඒකෙන් ලැබෙන පොටෝ නම් සුපිරියි. ඒ මට්ටමේ තියෙන අනෙක් ෆෝන් එක්ක බැලුවාම නයිට් පොටෝ, ඒ කිව්වේ රාත්‍රී පොටෝ පික්සල් වල ගතියට තියෙනවා. පික්සල් ඇඩ් වල නම් කියන විදිහට පික්සල් වලින් මහ රෑ අහසේ චක්‍රාවාට පවා කදිමෙට පොටෝ ගන්න පුළුවන්. යූ ටියුබ් ෆෝන් රිවීව් කරන කීප දෙනෙක්ම කියා තියෙන විදිහට පික්සල් 4a කැමරාව ඒ මට්ටමේ තියෙන අනෙක් කැමරා තුන, හතර, පහ තියෙන ෆෝන් වලට වඩා කොලියට සුපිරි විදිහට පොටෝ සහ වීඩියෝ අරං දෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here