බබාගේ උපන්දින සාදය සැලසුම් කරන්නෙ මෙහෙමයි – Saru FM Media

0
196


බැලූ බැල්මට බොහොම සරල දෙයක් වගේ පෙනුනට බබෙකුගේ බර්ත්ඩේ පාර්ටි එකක් ලෑස්ති කරනවා කියන්නෙ හිතන තරම් සරල දෙයක් නෙමෙයි. බබෙකුගේ බර්ත්ඩේ පාර්ටි එකක් කියන්නෙ බබාට කැමති දේවල් එක්ක, එයාගේ කැමැත්තට ඉඩ දීල කරන්න ඕන දෙයක්. ඉතින් කොයි අම්මටත්, තාත්තටත් තියෙන අභියෝගයක් තමයි බබාගේ හිත පිරෙන විදිහට එයාගේ උපන්දින සාදය ලෑස්ති කරන එක. ඉතින් අපි අද කියල දෙන්නේ ඔයාගේ බබාගේ උපන්දින පාටිය කොහොමද හොඳින් සැලසුම් කරන්නෙ කියන කාරණාව ගැනයි.

 

පාර්ටි එකේ හැමදේටම කලින් කල්පනා කරන්න ඕනේ බබාගේ වයස ගැන. ගොඩක් දුරට වයස අවුරුදු එක, දෙක කියන්නෙ බබාට ඒ හැටි තේරුමක් නැති වයසක්. ඒ නිසා ඒ වයස තුළ ඉන්න බබෙක් නම් බොහෝ දුරට එයාගේ බර්ත්ඩේ එක කියන කාරණාව බබාට ඒ හැටි අවබෝධයක් තියෙන එකක් නෑ. හැබැයි බබා ඊට වඩා වයසින් වැඩි නම් එයාගේ උපන්දිනය කියන එක එයාට තේරෙනවා. ඒ නිසා ඒ ගැන ඉස්සෙල්ලා හිතන්න. මොකද පාර්ටි ඒකෙ කරන දේවල් වල අඩුවැඩිකම් තීරණය වෙන්නෙ බබාගේ වයසත් එක්ක. 

 

 

උඩින් කියපු කාරණාව එක්කම ගැටගැහුණු කාරණාවක් තමයි මේකත්. බබාගේ වයස ගැන හිතුවට පස්සේ ඔයාට පුළුවන් බබාගේ කැමති දේවල් අනුව තීම් එකක් තෝර ගන්න. ඒකේදී ඔයා කැමති දේවල් තීම් එක විදිහට ගන්නවට වඩා බබා කැමති දෙයක් තීම් එක විදිහට තෝරාගන්න පුළුවන් නම් බබාට ඒක ගොඩක් සතුටු හිතෙන අත්දැකීමක් වේවි. තීම් එක කිව්වම ඒක හැමෝම කරන එකක් වෙන්න ඕනේ නෑ. ඉතින් ඒ තීම් එකට අනුව හැම ඩෙකරේෂන් එකක්ම හදාගන්න පුළුවන්. බොහෝ දුරට කේක් එකෙන් තමයි තීම් එක වඩා ඉස්මතු කෙරෙන්නේ. ඒ නිසා ඒ හැම දේම තියෙන්න ඕනේ බබාට කැමතිම විදිහට. ඒක සතෙක්, කාටූන් චරිතයක්, මොනාහරි ස්ථානයක් වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. බබා දිනපතා කරන කියන දේවල් වලින් ඒ ගැන හොඳ අදහසක් දෙමව්පියන්ට ලබාගන්න පුළුවන්.

 

උපන්දින පාර්ටියක් කියන්නෙ වැඩිපුර පිටස්තර අය එන අවස්ථාවක්. ඉතින් ඒ වගේ අවස්ථාවකට බබාට පුරුදු නැති අය එනවා කියන්නෙ ඒක බබාට එච්චර සුවපහසු අත්දැකීමක් වෙන්නෙ නෑ. ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ පාර්ටියට ආරාධනා කරන අය ගැන. වඩා හොඳයි බබාගේම වයස් කාණ්ඩයේ ඉන්න බබාලට සහ ඒ පවුලේ අයට ආරාධනා කරන්න පුළුවන් නම්. මොකද හුරු පුරුදු නැති වුණත් එයාගේ වයසේ අය එක්ක ගැවසෙන්න බබාලා ගොඩක් කැමතියි. ඉතින් ඒ වගේ අය ගොඩක් ඉන්නවා නම් බබාගෙන් වඩා වැඩි සහයෝගයක් ලැබෙන්න පුළුවන් පාර්ටි එකේ කටයුතු වලට.

 

ගොඩක් බබාලා පුරුදු වෙලා ඉන්නවා දවස එක රටාවකට වැඩ කරන්න. එයාලා නිදාගන්න වෙලාවක් හදාගෙන ඉන්නවා, එක එක දේවල් වලට වෙලාවල් හදාගෙන ඉන්නවා. ඉතින් බොහෝ දුරට රාත්‍රී කාලයේ බර්ත්ඩේ පාර්ටි එක සූදානම් කරනවා නම් ඒක බබාගේ දවසේ Schedule එකට බාධාවක් වෙනවද කියන එක ගැන ගොඩක් හිතන්න ඕනේ. එහෙම වෙනවා නම් සතියකටවත් කලින් පොඩ්ඩක් එයාව පාර්ටි එක දවසේ Schedule එකට ට්‍රේන් කරන්න ඕනේ. ඒ කියන්නෙ පොඩ්ඩක් නිදාගන්න වෙලාව පහු කරවන්න වගේ දේවල් වලට පොඩි ට්‍රේන් කිරීමක් කරන එක හොඳයි. 

 


Saru Fm Media