බයිසෙක්ෂුවල් කෙනෙක් ගැන ඔබ නොදන්නා කරුණු කීපයක්! – Saru News Media

0
16

අපි සෙක්ස් ගැන කතා කරනකොට අවධානය යොමු කරන්න ඕන එක පැතිකඩක් තමයි එක් එක් මනුස්සයාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක නැතිනම් ලිංගික නැඹුරුතාවය මොකද්ද කියන එක. ඇත්තටම කෙනෙක්ගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක වැදගත් වෙන්නේ ඒ මනුස්සයාට සහ එයාගේ පාට්‍නර්ට විතරයි. හැබැයි එහෙම වුණාට, ලෝකේ තියෙන ලිංගික නැඹුරුතාවයන් මොනවද කියලා තේරුම් අරගෙන ඉන්න එක අපි හැමෝටම වැදගත් වෙනවා.

දැන් ඔය ලිංගික නැඹුරුතාවයන්ගෙන් එකක් තමයි ද්විලිංගිකත්වය නැතිනම් බයිසෙක්ෂුවැලිටි කියන්නේ. අපි කලිනුත් කතා කරලා තියෙනවා බයිසෙක්ෂුවල් පාට්නර් කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියනකොට තේරුම් අරගෙන ඉන්න ඕන කරුණු ගැන. ඒ ඇරෙන්න, ඇත්තටම අපි බයිසෙක්ෂුවලිටි ගැන හැමදේම දන්නවද? අපේ පාට්නර් ද්විලිංගික නැඹුරුතාවය නැතිනම් බයිසෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක තියෙන කෙනෙක් වුණොත්, අපි එයාව පිළිගන්න තරම් කරුණු දන්නවද? ආන්න ඒ ප්‍රශ්නය වැදගත්. අපි දෙයක් ගැන දන්නා තරමට, අපි ඒ දේ ගැන අමුතුවට හිතන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ, බයිසෙක්ෂුවලිටි එක ගැන ගොඩක් අය දන්නෙ නැති වෙන්න පුළුවන් කරුණු කීපයක් බෙදාහදාගන්න.

 

මීට අවුරුදු ගණනාවකට කලින් කරපු යම් යම් සමීක්ෂණ වල ප්‍රතිඵලයක් විදියට ප්‍රසිද්ධ වුණු කාරණයක් තමයි, ද්විලිංගික නැඹුරුතාවය සලකන කොට, බයිසෙක්ෂුවල් පිරිමින්ට වඩා, බයිසෙක්ෂුවල් කාන්තාවන් වැඩියි කියන එක. වෙනත් විදියකට කියනවා නම්, පිරිමියෙක්ට වඩා වැඩි ප්‍රතිශතයකින් කාන්තාවන් බයිසෙක්ෂුවල් ලිංගික නැඹුරුතාවය වැළඳගන්න තියෙන ඉඩ වැඩියි කියන එක. ඒ වගේම, හෝමෝසෙක්ෂුවල්ම නොවෙන, ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් එක්කත් සෙක්ස් කරන, ඒත් ගැටවර අවදියේ තමන්ගේම ස්ත්‍රී පුරුෂ භාවයේ කෙනෙක් එක්ක සෙක්ස් කරලා තියෙන අය ගත්තහමත්, කාන්‍තාවන් එතනදී ඉස්සරහින් ඉන්නවා කියලා තව අධ්‍යයනයකින් කියවෙනවා. හැබැයි මේ වෙනකොට ඔය සීමාවන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්! 

 

ඇත්තටම මේක සමහර හෙටරොසෙක්ෂුවල් පිරිමින්ගේ සිහිනයක්! ඒ කියන්නේ බයිසෙක්ෂුවල් කාන්තාවක් එක්ක සෙක්ස් කරන්න ලැබෙන එක. ඒකට හේතුව, පිරිමි හිතනවා බයිසෙක්ෂුවල් කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොට, කරදරයක් නැතුව තව කාන්තාවක් එක්ක ත්‍රීසම් එකක් වුණත් කරන්න අවස්ථාව ලැබෙයි කියලා. ඔය ලෙස්බියන් පෝර්න් වලට ගොඩක් පිරිමි ආසයි කියන එක බොරුවක් නෙවෙයිනේ. ඔව්, ඒක බොරුවක් නෙවෙයි. බයිසෙක්ෂුවල් කාන්තාවක් පාට්නර් වුණොත්, තව කාන්තාවක් සෙට් කරගෙන ත්‍රීසම් එකක් කරන්න පුළුවන් තමයි. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ටෙක්නිකලි එහෙම වැඩකට කාන්තා පාට්නර් බයිසෙක්ෂුවල් වීම අවශ්‍ය වුණාට, ඒක විතරක් මදි. එයා ත්‍රීසම් වගේ කන්සෙප්ට් එකකට කැමති වෙන්නත් ඕන. හොඳට මතක තියාගන්න, බයිසෙක්ෂුවල් කෙනෙක් වුණු පළියට ත්‍රීසම් එකකට කැමති වෙන්නෙ නෑ. බයිසෙක්ෂුවල් කියන්නේ ලිංගික නැඹුරුතාවයක්. ත්‍රීසම් වලට කැමති වීම කියන්නේ සමහරුන්ට තියෙන්න පුළුවන්, සමහරු අකමැති වෙන්න පුළුවන් සෙක්ෂුවල් ෆැන්ටසි එකක්. ඒ දෙක දෙකක්. බයිසෙක්ෂුවල් නං ත්‍රීසම් කොහොමත් ඕකේ වගේ මානසිකත්වයක ඉන්න හදන්න එපා!

 

 

බයිසෙක්ෂුවලිටි ගැන ගොඩක් අය දරණ වැරදි මතයක් තමයි මේක. අර හිරේ ගියොත් සමරිසි වෙනවා කියලා හිතනවා වගේ, ගොඩක් අය හිතනවා, ඔය ඉස්කෝලෙ යන කාලේ එහෙම කොල්ලො කොල්ලො නැතිනම් කෙල්ලො කෙල්ලො පොඩි පොඩි සීන් තිබ්බට, ඕවා පහුවෙනකොට ඇරිලා යනවා වගේ දේවල්. ඇත්තටම එහෙම එකක් නෑ. කෙනෙක් ඉස්කෝලෙ කාලේ තමන්ගේම ලිංගික අනන්‍යතාවය තියෙන කෙනෙක් එක්ක පොඩි සෙක්ස් සීන් එකක් තිබුණත්, පස්සෙ කාලෙක විරුද්ධ ලිංගික අනන්‍යතාවය තියෙන කෙනෙක් එක්ක දෙයක් පටන් අරගෙන, ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ එයා හෙටරොසෙක්ෂුවල්, ඔය ඉස්කෝලෙ කාලේ කුතුහලේට කරපු දෙයක් කියන එක නෙවෙයි. එයා බයිසෙක්ෂුවල්. හැබැයි එයා තමන්ගේ පාට්නර් විදියට ජීවිතකාලෙම විරුද්ධ ලිංගිකයෙක් එක්ක ජීවත් වෙන්න තෝරගන්න පුළුවන්. වෙන ඕනම මනුස්සයෙක් සම්බන්ධයෙන් වගේ, අන්න ඒකත් තෝරාගැනීමක් තමයි.

 

 

මේක ඇත්තටම ගොඩක් දෙනෙක් නොදන්නා කාරණාවකට වඩා, නොහිතන කාරණාවක්. දැන් සමහරු අකමැතියි තමන් ආදරේ කරන කෙනා එයාගේ පරණ ලව් ගැන එහෙම කියනවට. හැබැයි සමහරු ආසයි තමන්ගේ පාට්නර්ගේ ලිංගික ඉතිහාසය ගැන දැනගන්න. හැබැයි අපි සිහියේ තියාගන්න ඕන අනික් පැත්තේ කාරණාව තමයි. සමහරු ඕකේ තමන්ගේ ලිංගික ඉතිහාසය ගැන කතා කරන්න. හැබැයි සමහරු තමන්ගේ ලිංගික ඉතිහාසය ගැන කතා කරන්න කැමැත්තක් නැතිවෙන්න පුළුවන්. දැන් තමන්ගේ පාට්නර් බයිසෙක්ෂුවල් නං, එයාගේ ලිංගික ඉතිහාසය ගැන අහලා වද දෙන එක, මට කලින් හිටියේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දැනගන්න කුතුහලයෙන් යුක්ත වෙන එක පොඩ්ඩක් අවුල්. එයා කියන්න කැමති නම්, ඔයා අහන්නත් කැමති නම් ගැටළුවක් නෑ. එයා කියන්න අකමැති නම් හාරාඅවුස්සන්න යන්න එපා!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here