බර අඩු පොඩ්ඩන්ගෙ බර වේගයෙන් වැඩි කරන සීරියල් එකක්. – Saru FM Media

0
90


බබාලට කෑම පටන් ගත්තට පස්සෙ අම්මලාට තියන ලොකුම හිසරදය තමයි එයාලා කෑමට හොර වීම, ඊළඟ අර්බුදය තමයි වදෙන් පොරෙන් මොනවාම හරි කවාගත්තත් බර අඩු වීම, මේ දේවල් වලට හොඳ විසඳුමක් තමයි එයාලට රසවත් සීරියල් හදලා දෙන එක. රසට සුවඳට තියෙද්දී බබාලා හරිම කැමැත්තෙන් මේ සීරියල් එක කෑමට ගන්න නිසා අම්මලාගේ හිතේ තියන ලොකුම ප්‍රශ්නය ඉක්මනින්ම විසඳෙන එක සහතිකයි.

අවශ්‍ය දේවල්.

මාස 6- 8 අතර බබාලාට නම්

  • මුං ඇට
  • සුදු කව්පි
  • රතු කව්පි
  • සුවඳැල් සහල්
  • වට්ටක්කා ඇට
  • රුලං

අවුරුද්දට වැඩි බබාලට නම්

  • කජු
  • රට කජු
  • ආමන්ඩ්
  • තල

වගේ දේවල් වලින් වර්ග කිහිපයක් ඔබට සපයා ගන්න වෙනවා. මේ සියල්ලම අවශ්‍ය නෑ. වර්ග හතරක් තිබීම හොඳටම සෑහෙනවා.

හදා ගන්න හැටි.

  • හැම ධාන්‍ය වර්ගයකින්ම මේස හැන්දක් ගන්න.
  • හොඳින් සෝදා ගන්න.
  • ඉන්පසු පිරිසිදු තැටියක දමා පැය කිහිපයක් අව්වේ වේලා ගන්න.
  • කබලක හෝ පෑන් එකේ හොඳින් බැද ගන්න. මද රස්නය තිබීම සුදුසුයි.
  • ඇට වර්ග හොඳින් බැදෙනකොට අපූරු සුවඳක් එනවා.
  • අවසානයට සහල් බැද ගන්න.
  • ඉන්පසු හොඳින් නිවෙන්නට හරින්න.
  • උණුසුම පහවූ පසු පිරිසිදු බ්ලෙන්ඩර් එකකින් කුඩු කර ගන්න.
  • හොඳින් කුඩු වූ පසු පිරිසිදු භාජනයකට හෝ වීදුරු බෝතලයක අසුරාගෙන සතියක් පමණ භාවිතයට ගන්න පුලුවන්.
  • සම්පූර්ණ සීරියල් ආහාරයක් විදියට වගේම මෙය ආහාර වලට ස්වල්පයක් එකතු කරලත් බබාලට දෙන්න පුලුවන්.
  • අවශ්‍ය නම් හොඳින් සෝදා වේලා බැදගත් හාල්මැස්සන් කුඩු කර මේ මිශ්‍රණයටම එකතු කරන්න හෝ හාල්මැස්සන් කුඩු වෙනම අසුරාගෙන සීරියල් එකට මිශ්‍ර කර බබාට දෙන්නත් පුලුවන්.

මේ සීරියල් එක බබාලගේ බර ඉක්මනින් වැඩි කරන්නට සමත් ආහාරයක්.

තොරතුරු සැපයීම – විශ්‍රාමික හෙද නිලධාරිනි සුධර්මා උයන්හේවා මහත්මිය


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here