බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ප්‍රංශයේ චාරිකාවක – Saru FM ( Sinhala )

0
101


බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා බිසව ලබන සතියේ ප්‍රංශයේ චාරිකාවකට සැරසෙති. මෙම සංචාරක සැලැස්ම කඩාකප්පල් කරන බවට ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහි උද්ඝෝෂකයෝ තර්ජනය කරති. මහා වැඩවර්ජනයකින් රාජකීය යුවල පිලිගන්නා බව 2007 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වාමාංශික ක්‍රියාකාරිකයෙකු වන ඔලිවියර් බෙසන්සෙනෝ පවසයි. සැලසුම් කර ඇති චාල්ස් රජ යුවලගේ ට්‍රූම් රථ ධාවනය වැලැක්වීමට බොර්ඩෙක්ස්හි පෙළපාලිකරුවෝ සූදානමින් සිටිති. බ්‍රිතාන්‍ය සිංහාසනයට පැමිණීමෙන් පසු චාල්ස් රජු සහභාගිවන පළමු විදේශ සංචාරය මෙයයි.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here