බ්‍රිතාන්‍යයේ ළාබාලතම ඝාතකයන් දෙදෙනාගේ කතාව – Saru News Media

0
1

1993 පෙබරවාරි 12 වන දින රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස් එංගලන්තයේ බූට්ල්හිදී දෙහැවිරිදි ජේම්ස් බල්ගර් පැහැරගෙන ගියා. පසුව ඔවුන් ඔහුගේ සිරුර දුම්රිය මාර්ගයේ තැබීමට පෙර ඔහුට අමානුෂික ලෙස වධ දී ඝාතනය කර තිබුණා.

මේ තරමක අඳුරු කතාවක්. ඔබ දැඩිව කම්පනයට ලක් වන අයෙක් නම් මෙතැනින් එහා නොකියවා ඉන්න!

රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස් සාමන්‍ය අවුරුදු දහයක දරුවන් දෙදෙනෙක්. නමුත් 1993 දී, මෙම බ්‍රිතාන්‍ය පිරිමි ළමයින් දෙදෙනා  මිනීමරුවන් බවට පත් වී කුඩා දරුවෙකු ඝාතනය කළා. ඔවුන්ගේ ළමා වයස හා ඔවුන්ගේ අපරාධයේ ම්ලේච්ඡත්වය, එක්සත් රාජධානියම කම්පනයට පත් කර තිබුණා.

එංගලන්තයේ බූට්ල් හි නිව් ස්ට්‍රෑන්ඩ් සාප්පු මධ්‍යස්ථානයෙන් ජේම්ස් බල්ගර්ව ඔවුන් පැහැරගෙන ගොස් තිබුණා. පසුව ඔවුන් ඔහුව ලිවර්පූල් හි වෝල්ටන් නම් ප්‍රදේශයට ගෙන ගිය අතර එහිදී ඔහුට වධ හිංසා පමුණුවා පහර දී මරා දමා ඔහුගේ ඝාතනය හදිසි අනතුරක් ලෙස පෙන්වීමට ඔහුගේ සිරුර දුම්රිය මාර්ගයක අතහැර දමා තිබුණා.බල්ගර් වැඩිහිටියෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි බලධාරීන් මුලින් සිතුවද, CCTV දර්ශන මගින් කම්පන සහගත සත්‍යය හෙළි වූවා. දින කිහිපයකට පසු, බල්ගර් සොයාගනු ලැබුවේ ඔහුගේ මිනීමරුවන් ඔහුව අතහැර ගිය දුම්රිය මාර්ගයේ තිබියදී. ඔහුගේ සිරුර දුම්රියක ගැටීමෙන් දෙකට වෙන් වී තිබුණා.

වැඩි කල් යන්නට මත්තෙන්, තොම්සන් සහ වෙනබල්ස් ඝාතනය පිටුපස සිටි බවට නිර්නාමික ඇමතුමක් පොලිසියට වාර්තා කළ අතර, බල්ගර් අතුරුදහන් වූ දිනයේ පිරිමි ළමයින් දෙදෙනාම පාසලට නොපැමිණි බවත්, වෙනබල්ස්ගේ ජැකට් එකේ අපරාධ සාක්ෂි කිහිපයක් තිබිය හැකි බවත් හෙළි කර තිබුණා. පිරිමි ළමයින් දෙදෙනාම ඉක්මනින්ම අත්අඩංගුවට ගත් අතර, ඔවුන් එකිනෙකා වෙත වරද පටවන්නට වැඩි කාලයක් ගත වූයේ නෑ.

මේ 10 හැවිරිදි මිනීමරුවන්ගේ අපරාධ බ්‍රිතාන්‍යය භීතියට පත් කළා. මේ සිදුවීමට දශක තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත්, රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස්ගේ කතාව අද දක්වාම ඒ ගැන අසන අය කම්පනයට පත් කරන්නට සමත් වන්නක්.

රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස් යන දෙදෙනාගේම ළමා කාලයේ මුල් අවදිය රළු එකක්. තොම්සන් 1982 අගෝස්තු 23 වන දින එංගලන්තයේ ලිවර්පූල් හි උපත ලැබූ දරුවන් හත් දෙනෙකුගේ පවුලක පස්වැන්නෙක්. ඔහුගේ  පවුල අතහැර දමා ඇති අතර, මානසික අවපීඩනයට පත් වූ මව මත්පැන් පානය කිරීමට සහ සියදිවි නසා ගැනීමට පවා උත්සාහ කළ අයෙක්.

වෙනබල්ස්  ද ලිවර්පූල් හි උපත ලැබූ අතර, තොම්සන්ගේ මෙන්ම වෙනබල්ස්ගේ දෙමාපියන් වෙන් වූවන්, ඔහුගේ මව කුඩා පිරිමි ළමයා කෙරෙහි “දරුණු” ලෙස සලකන්නියක්. විවිධ පිරිමින් කිහිප දෙනෙකු සමඟ නිතර දක්නට ලැබෙන කාන්තාවක් බවට ද ඇයට චෝදනා එල්ල වී තිබුණා.

පිරිමි ළමයින් දෙදෙනා හොඳ මිතුරන්. ඔවුන් නීති කඩකරන්නන් ලෙස ප්‍රසිද්ධියට පත් වුවද, මීට පෙර බොහෝ විට අඩු මට්ටමේ සාපරාධී ක්‍රියාකාරකම්වල යෙදී තිබුණා. වෙළඳසැල් වලින් කුඩා භාණ්ඩ සොරකම් කිරීම සහ ඒවා වෙළඳ සංකීර්ණයේ එස්කලේටර් බිමට විසි කිරීම වැනි දේවල් ඒ අතර වුණා.

නමුත් එම දෛවෝපගත දිනයේ, පිරිමි ළමයින් දෙදෙනා ඔවුන්ගේ අපරාධ භයානක නව තලයකට රැගෙන යන්නට සිතුවා. ඒ දරුවෙකු පැහැරගෙන ගොස් මරා දැමීමෙන්. පුදුමයට කරුණක් නම්, ජේම්ස් බල්ගර් ඔවුන් එදින ඉලක්ක කළ පළමු දරුවා නෙවෙයි. ඔවුන් මුලින්ම උත්සාහ කළේ තුන් හැවිරිදි දැරියක් සහ ඇගේ දෙහැවිරිදි සොහොයුරා තම මවගෙන් ඈත් කිරීමටයි. ඔවුන් ඒ වතාවේ අසාර්ථක වුවද, තොම්සන් සහ වෙනබල්ස් උත්සාහය අත්හැරියේ නැහැ.

ඔවුන් මස් කඩයක බල්ගර්ව දැක ඔහුව අල්ලා ගත්තා. බල්ගර්ගේ මව ඩෙනිස් ෆර්ගස් ඔහුගේ අත අල්ලාගෙන සිටියද, ඇය සිල්ලර බඩු සඳහා ගෙවීමට බල්ගර්ව අත් හැර තිබුණා, “මට ඔහුගේ අත අත් නොහැරිය යුතුව තිබුණා” ෆර්ගස් පසුව පැවසුවා “ඒක තමයි මගේ ජීවිතේ ලොකුම වැරැද්ද. මට බබාට යන්න දෙන්න තිබුණේ නැහැ.”

සවස 3.42 ට ළමයින් තිදෙනා එළිමහනේ ඇවිදිමින් සිටින අයුරු ආරක්ෂක කැමරාවලට හසු වුණා.ඒ වන විටත් ෆර්ගස් සාප්පු සංකීර්ණයේ ආරක්‍ෂක අංශ දැනුවත් කර තිබූ අතර අතුරුදන් වූ දරුවා ගැන සාප්පු යන්නන්ට නිවේදන කිහිපයක්ම කර තිබුණා. නමුත් සවස 4:15 වන විටත් පිරිමි ළමයා පිළිබඳ කිසිදු සලකුණක් නොතිබූ අතර  ඩෙනිස් ෆර්ගස් සහ ඇගේ සැමියා වූ රැල්ෆ් බල්ගර් අසනීපයෙන් කනස්සල්ලට පත්ව සිටියා.

මේ අතර, රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස් කුඩා දරුවා වෙළඳ සංකීර්ණයෙන් බොහෝ ඈතට ගොස් වෙනත් නගරයකට ගෙන ගියා. පිරිමි ළමයින් තිදෙනා සහෝදරයන් බව වීදිවල සිටි බොහෝ අය විශ්වාස කළද, සමහරු බල්ගර් කෙරෙහි තොම්සන් සහ වෙනබල්ස්ගේ ආක්‍රමණශීලී හැසිරීම ගැන සැලකිලිමත් වූවා.

සමහර සාක්ෂිකරුවන් පසුව වාර්තා කළේ වැඩිහිටි පිරිමි ළමයින් බල්ගර්ට හිංසා කළ බවත්, පයින් ගැසීම, පහර දීම සහ සොලවා ඇති බවත්. සමහර වැඩිහිටියන් ළමයින්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට නැවැත්වූවා, නමුත් ඔවුන් සියල්ලෝම පිරිමි ළමයින්ට ඔවුන්ගේ ගමන යාමට ඉඩ දුන් අතර පෙනෙන විදිහට බල්ගර් නිවසට හෝ පොලිසියට ගෙන යනු ඇතැයි විශ්වාස කළා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පසුව කිසිවක් නොකිරීම ගැන කනගාටුව ප්‍රකාශ කර තිබුණා.

තොම්සන් සහ වෙනබල්ස් අවසානයේ වෝල්ටන්හි දුම්රිය මාර්ගයක් අසලට පැමිණියා. එහිදී ඔවුන් සොරකම් කළ නිල් පැහැති තීන්ත බල්ගර්ගේ ඇස්වලට විසි කළා. ඉන්පසු ඔවුන් ඔහුට ගඩොල්වලින් සහ ගල්වලින් පහර දී, ඔහුගේ පහර කෑමට ලක් වූ ශරීරයට පයින් ගසා, බැටරි ඔහුගේ කටට තල්ලු කළා. අන්තිමේදී, ඔවුන් රාත්තල් 22 ක යකඩ බාර් එකකින් බල්ගර්ගේ හිසට පහර දුන්නා. එම පහරින් පමණක් හිස් කබල 10ක් කැඩී ගියා.

බල්ගර් මිය යන විට ඔහුට දරුණු තුවාල 42 ක් සිදුවී තිබුණා. කුඩා දරුවාගේ හද කම්පා කරවන අවසන් වදන් වූයේ: “මට මගේ අම්මාව අවශ්‍යයි.” යන්නයි.බල්ගර් ඝාතනය කිරීමෙන් පසු, තොම්සන් සහ වෙනබල්ස් ඔහුගේ මරණය අහම්බයක් ලෙස පෙන්වීමට ඔහුගේ සිරුර දුම්රිය මාර්ගය මත තැබුවා.

නිර්නාමික ඇමතුමෙන් පසු පොලිසිය ඉක්මනින්ම පිරිමි ළමයින් දෙදෙනාගේම නිවෙස් පරීක්ෂා කළා.ඔවුන් Venables ගේ ජැකට්ටුවේ නිල් පැහැති තීන්ත පමණක් නොව, තොම්සන්ගේ සපත්තු වල රුධිරය ද සොයා ගත්ටා

රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස් අත්අඩංගුවට ගනු ලැබුවේ 1993 පෙබරවාරි 18 වන දින, ඝාතනයෙන් සතියකට මඳක් අඩු කාලයකට පසුවයි. මුලදී තොම්සන් සියල්ල ප්‍රතික්ෂේප කළා.එහෙත් ජෝන්ට පාපොච්චාරණය කිරීමට වැඩි වේලාවක් ගත වූයේ නෑ. “මම ඔහුව මැරුවා. ඔහුගේ අම්මා ගැන කුමක් කිව හැකිද, මට සමාවෙන්න කියා ඔබ ඇයට කියනවද?” ඔහු එසේ ඇසූ බව සඳහන්.

1993 නොවැම්බරයේ මිනීමැරුම් නඩු විභාගය අතරතුර, තොම්සන් නායකයා ලෙසත්, වෙනබල්ස් අනුගාමිකයා ලෙසත් නිරූපණය වුණා.උසාවියෙන් පත්කළ මනෝ වෛද්‍යවරු කියා සිටියේ හරි වැරැද්ද අතර වෙනස තොම්සන් සහ වෙනබල්ස් දෙදෙනාම දන්නා බවයි. ඔවුන් කීවේ එක පිරිමි ළමයෙක්වත් රෝගියෙක් නොවන බවයි. කෙසේ වෙතත්, මෙම බිහිසුණු අපරාධය සඳහා චේතනාවක් සොයා ගැනීමට මනෝ වෛද්‍යවරුන්ට නොහැකි වූ අද දක්වාම, චේතනාව තවමත් අපැහැදිලි ය.

1993 නොවැම්බර් 24 වන දින, ජේම්ස් බල්ගර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස් වරදකරුවන් වූ අතර, ඔවුන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ලාබාලතම වැරදිකරුවන් බවට පත් වුණා. Venables සහ Thompson යන දෙදෙනාම 2001 ජුනි මාසයේදී වයස අවුරුදු 18 දී නිදහස් කරන ලදී. ඔවුන්ගේ නඩුව වටා ඇති මිනිස් කෝපය නිසා ඔවුන් දෙදෙනාටම නව අනන්‍යතා ලබා දෙන ලදී. එතැන් පටන් ඔවුන් දෙදෙනා බොහෝ වෙනස් මාර්ගවල ගමන් කර තිබෙනවා. රොබට් නැවත වැරදි නොකළත් ළමා අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීමට ජෝන් නැවත සිරගත වූ බව කියවෙනවා. ඔහු නැවත නැවත මේ සම්බන්ධයෙන් සිරගත වී තිබෙනවා.

“ජේම්ස් වැනි තවත් ළදරුවෙකු මරා දැමීමෙන් ඔහු වැළැක්විය හැකි එකම ක්‍රමය ඔහුව ජීවිතාන්තය දක්වා සිරකර තබා ගැනීම බව මම විශ්වාස කරනව,”

බල්ගර්ගේ පියා ජෝන් ගැන දැන් දක්වන්නේ එවන් අදහසක්.

සමහර අපරාධකරුවන් කිසිම දිනක නිවැරදි නොවන බවට ජෝන් උදාහරණයක්. රොබට් අවස්ථාවක් ලබා ගත්තද ජෝන්ට කිසිදා අවස්ථාවක් ලැබෙන එකක් නැහැ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here