බ්‍රිතාන්‍ය රජ පවුලේ වාසගම ගැන කතා – Saru News Media

0
15

අපි කලින් වතාවක බ්‍රිතාන්‍ය රජ පවුලේ නොසන්ඩාලයෝ ගැන ලිපියක් පළ කළා. අද අපි කතා කරන්න යන්නේ මේ රජ පවුලේ වාසගම ගැන කියන කතා ගැන. බ්‍රිතාන්‍ය රජපවුල ගැන තියෙන බොහෝ කතාවලට පදනමක් නෑ. හුදු හිතළු .කොහොම වුණත් අපි මේ ආටිකල් එකේදී විශ්වාසනීය තොරතුරු විතරක් භාවිතා කරන්න වග බලා ගත්තා.

 

බොහෝ දෙනෙක් හිතන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට වාසගමක් නැහැ කියලා. හැබැයි කතාව අර්ධ සත්‍යයක්. වර්තමාන රජ පවුල අයත් වෙන්නේ  “Windsor”රාජ වංශයට. මේ නිසාම රජ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙක් තමන්ගේ නම  අවසානයට Windsor කියලා භාවිතා කරනවා. නමුත් Windsor කතාව එන්නේ පළවෙනි ලෝක යුද්ධ කාලේදි. කාලේ වෙනකල් බ්‍රිතාන්‍ය රජ පවුල අයත් වුණේSaxe coburg – gotha” කියන රාජවංශයට. නමුත් Saxe coburg gotha කියන්නේ ජර්මනියේ රාජ වංශයක් නිසා පස්වැනි ජෝර්ජ් රජතුමා තමන්ගේ රාජ වංශය Windsor ලෙස නම් කරනු ලබනවා

 

මේ සිදුවීම වෙද්දී ජර්මනියේ අධිරාජ්‍යයා වෙලා හිටියෙ දෙවැනි විල්හෙල්ම් අධිරාජයා. ඔහු සහ පස්වැනි ජෝර්ජ් රජු ඥාති සහෝදරයන්. විල්හෙල්ම්ගේ මව වුණු වික්ටෝරියා කුමරිය සහ පස්වැනි ජෝර්ජ් රජුගේ පියා වුණු හත්වෙනි එඩ්වර්ඩ් සහෝදර සහෝදරියන්. ඔවුන් දෙදෙනාගේ මව වූණේ සුප්‍රකට වික්ටෝරියා රැජනයි. බ්‍රිතාන්‍යය කෙරෙහි දැඩි විරෝධයක් දක්වපු දෙවැනි විල්හෙලම් අධිරාජ්‍යයා තමන්ගේ මිත්තණිය වුණු වික්ටෝරියා රැජිනට දැඩිව ආදරය කරපු කෙනෙක්. කොටින්ම ඇය මරණ මංචකයේ වැතිරිලා ඉන්නවා කියලා දැනගත්ත ඔහු සියලු කටයුතු පසෙක ලා බ්‍රිතාන්‍යයට යනවා. වගේම ඇය මිය යන විට ඇය ළඟින්ම හිටියේ විල්හෙල්ම් අධිරාජ්‍යයා. බ්‍රිතාන්‍ය රාජවංශය නම වෙනස් කරා කියලා ඇහුවම විල්හෙල්ම් උපහාසයෙන් කියන්නේඑහෙමනම් ජර්මනියෙදි විලියම් ශේක්ස්පියර්ගේ Merry Wives of Windsor කියන වේදිකා නාට්‍යය Merry Wives of Saxe coburg Gotha කියලා වෙනස් වෙන්න ඕන” කියලා.

 

බ්‍රිතාන්‍ය රජ පවුල විවාහ වලින් බැඳිච්ච ජර්මානු කුඩා රාජ වංශයක් තියනවා. මේ රාජ වංශය හැඳින්වුණේ Battenberg කියන නමින්. මේ රාජවංශයට සම්බන්ධ කුමාරවරු කීපදෙනෙක් වික්ටෝරියා රැජනගේ දියණියක් හා මිණිබිරියක් විවාහ කරගෙන  බ්‍රිතාන්‍ය රජ පවුලේ  සමීපතමයන් බවට පත් වෙනවා. නමුත් පළමු ලෝක යුද්ධයේදී ඇති වුණ ජර්මන් විරෝධී ආකල්ප නිසා ඔවුන්ටත් තමන්ගේ රාජ වංශයේ නම වෙනස් කරන්න සිද්ධ වෙනවා. Batten නම් කන්ද කියන නිරුක්තිය සහිත මේ රාජ වංශය Mountbatten කියලා ඉංග්‍රීසියට හැරවෙනවා

 

අපි බ්‍රිතාන්‍ය රජ පවුල ගැන පොඩ්ඩක් කතා බහ නවත්තලා, ග්‍රීක රජ පවුලට හැරෙමු. ඇයි කියල පස්සෙ ඔයාලට තේරෙයි. ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තට පස්සේ ග්‍රීසියට නව රජෙක් ඕන වුණා. පළමු වතාවේ දී ජර්මන් රාජවංශයක් ස්ථාපිත කරන්න හැදුවත් සාර්ථක වුනේ නැහැ. පස්සේ වෙනුවට ඩෙන්මාර්ක රජ පවුලෙන් කුමාරයෙක්ව ගෙනල්ලා පළවෙනි ජෝර්ජ් නමින් රජකමට පත් කරගත්තා. ජර්මන් සම්භවයක් තිබ්බ මේ ඩෙන්මාර්ක් රාජවංශය හැඳින්වුනේ Glücksburg රාජ වංශය නමින්,(නමුත් මෙහි දීර්ඝ ස්වරූපය  Schleswig-Holstein-Sonderburg-Glücksburg රාජවංශය ලෙස හැදින්වුණා.)

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here