News 1st – ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය කොළඹ වරායට පැමිණ ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ,අදාළ බිත්තර තොගය දින 3ක් මෙරටදී පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බවයි.
”පළමු බිත්තර තොගය කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. දින 3ක් ඉල්ලනවා පරික්ෂණ කටයුතු කරන්න. අද රටේ බිත්තර නෑ.. විශේෂයෙන් පාර්ලිමේන්තුවෙත් නෑ. පහුගිය සති දෙක තුළ පාර්ලිමේන්තුවට බිත්තරයක් දී ගන්නත් බැරි වුණා”
බිත්තර ආනයනය කිරිම සම්බන්ධයෙන් අද පාර්ලිමෙන්තුවේ දි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසා සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහ
ආනයනය කරන බිත්තරයක බර සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියේ ය.
”අපේ රටේ බිත්තරයක බර සාමාන්‍ය යෙන් ග්‍රෑම් 50ක් 55 ක් විතරක් වෙනවා. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක බර 35ක් 40ක්”
අමාත්‍යවරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.
”රටේ හැම තිස්සේම කන්න නැතිවුණාම අපි අවසානෙ ඉල්ල ගන්නෙ, ඉන්දියාවෙන්…අපේ කිකිළියො 55 ට දාද්දි ඒ අය 35ට දාන්නෙ නෑ”.
උණුසුම් පුවත්
Saru Fm Media