බූට් දුකෙන් අත් මිදෙන්න ගීත පහක් – 5 songs to cure breakups – Saru News Media

0
21

අපි කලින් දවසක කතා කළා විරහ දුකෙන් මිදෙන්න ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාමාර්ග හයක් ගැන. ඒකෙදි අපි කිවුව දෙයක් තමයි හොඳ ගීත ඇසීමෙන් විරහ දුක සමනය කරගන්න පුළුවන් කියන එක. ඉතින් ඒ ලිපියේදීම අපි ඔබට පොරොන්දුවකුත් වුණා විරහ දුකෙන් ඔබ මුදවන ගීත ගැනත් ලිපියක් ඉදිරිපත් කරනවා කියලා. ඔන්න ඉතින් මේ තමයි ඒ කියපු ලිපිය. අපි ඔබට ගීත කිහිපයක්ම ඉදිරිපත් කරනවා. මේ හැම ගීතයක්ම අර්ථ පූර්ණ ගීත.

https://www.youtube.com/watch?v=8s1rXg9I4lA

“හමුවීම ට වෙන්වීම ට මම හෝ ඔබ හේතුවක් වෙන්න පුළුවන්. නමුත් වෙන්වීමේ හේතුව ඔබටම පවරන්නට මට බැහැ. අපි එය දෛවයට පවරමු”

අපට අපේ ගීත සාහිත්‍යය තුල එක එක විදිහට විරහව විඳින පෙම්වතුන් මුණගැහෙනවා. සමහරෙක් හැරගිය පෙම්වතිය ගණිකාවකට සමාන කර ගරහද්දී තවකෙක් හැරගිය පෙම්වතියට නැවත එන්නැයි ආයාචනා කරනවා. මේ අන්ත දෙක අතරමැද හිඳ මේ පෙම්වතා මෙලෙස කියනවා. ආදරය තමන්ට කියා දුන්නේ, සෙනෙහසින් ඔහුගේ ජීවිතය සිසිලස් කළේ ඇය බව කියන්න ඔහු පැකිලෙන්නේ නැහැ. ඔහු හැරගිය ඇයගේ ගුණ ගැයුවත් නැවත ඇයට එන ලෙස ආයාචනා කරන්නේ නෑ. ඒ වෙනුවට ඔහු කරන්නේ හමුවීම වෙන්වීම යන දේවල් දෛවයට භාර කොට නිහඬ වීම. ඉතින් විරහ දුක් විඳින කෙනෙක් කළ යුත්තේ මෙය නොවේද?

ගායනය : වික්ටර් රත්නායක

රචනය : සුනිල් ආරියරත්න

 

https://www.youtube.com/watch?v=jlAKVMW5njA

“නොගැලපීම් සමහර වෙලාවට ගලපගන්න අමාරුයි. ඒ වෙනස් කම්, නොගැලපීම් දැනෙන විට කළ යුතු වන්නේ යථාර්ථය තේරුම් ගෙන ඉවත් වීමයි”

මේක ගැඹුරු පාඩමක්. සංකීර්ණ පාඩමක්. ඒත් මේ ගීතය සරලවම මේ පාඩම අපට උගන්වනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන පෙම්වතියක්. උසස් පෙලින් පසු අධ්‍යාපනය ජීවිතය නිමවන පෙම්වතෙක්. ඔහු තේරුම් ගන්නා යථාර්ථය මේ සමාජය තුල සෑම පෙම්වතෙක්ම තේරුම් ගත යුතු යතාර්ථයක් නොවේද..? චීන කියමනක් තියෙනවා “අත්හරින්න පෙර ඔබ ඉවත් වන්න” කියලා. අනාගතයේ වන නොගැලපීම්, තමන්ට පමණක් නොවෙයි තම පෙම්වතා හෝ පෙම්වතියට මේ ආදරය නිසා මුහුණ දෙන්න වන ගැටළු දෙස අද දැකල මේ විදිහට ඉවත් වෙන්න අවශ්‍ය එකම එක දෙයයි. ඒ හයිය හිතක්.

ගායනය : අමරසිරි පීරිස්

රචනය : ධම්මික බණ්ඩාර

 

https://www.youtube.com/watch?v=KXot7KRXxrE

“වෙන්වන්න අද අමාරු වුණත්, සමහරක් විට මේ තීරණයේදී ශක්තිමත්ව හිටියොත් අනාගතයේදී මේ දිහා බලලා සතුටු වෙන්න මට පුළුවන් වේවි”

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here