(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බුරු මූනා අද 22 කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බව බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරු ඉදිරිපත් කිරීමේදී තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවට බුරු මූනා පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත අද සැකකරු මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
විනාඩි 20ක විස්සක පමණ ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු දැනට ලබා ගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ගන්නා ලෙස පවසා තිබිණි.
Saru Fm Media