බෙදී ජීවත් වෙන මිනිස්සු එකට එකතු කරන අයිටම් 7ක් – Saru FM Media

0
110


කඩල ගොට්ටකට වුණත් දෙපැත්තකට බෙදිලා මරාගන්න තියේ නම් ආයේ හොදි ඕන්නෑ. හැබැයි එහෙම හැම රෙද්දට ම විරසක වෙන උන් සෙනික යාළු කරවන්නත් ලේසි. ඒකට ක්‍රම සහ විධි තියෙන්න ඕනි. අපේ රටේ නම් ඉතින් දේශීය වශයෙන් නිෂ්පාදිත අයිටම් කීපයක් තියෙනවා ඔය වැඩේට. ඒවා නම් මෙසේයි.


වතුර ලීක් නෙවේ. කරන්ට් ලීක් නෙවේ. ජිංකිජිකා එකක්. එකට එකතු කරවනවා වුණාට ඉස්සෙල්ලා ම කියන්න වුණේ ජාතියක් විදියට සැරට ශෝක වෙන්න ඕනි එකක් ගැන. දෙන්නෙක් වඩාගෙන නෙවේ පෙරළගෙන වුණත් සංවාසයේ යෙදෙන එක උන්ගේ අතිශය පෞද්ගලික කාරණාවක් වෙච්චි. ඒත් මොන අමාරුවකට ද මන්දා ඕවා වීඩියෝ කරගන්න පෙළඹිලා තියනවා. එහෙම වුණා ම ඉතින් දන්නෙත් නෑ ඕවා ලීක් වෙනවා. අන්න එතකොට මූණවත් නොබලා හිටපු උන් ලින්ක් හොයන තැනේ ඉඳන් ගුණ දොස් විචාරණේ දක්වා ම සියල්ල කරන්නේ එකට එකතු වෙලා.


දේශපාලනේ රස්නේ වැදිලා තියන වෙලාවක කාටවත් සතපහක වැඩක් නැති පක්ෂ වෙනුවෙන් මිනිස්සු තමන්ගේ සමීපතමයා එක්කත් ඇරියස් වෙනවා. ජාතිවාදී රස්නේ වැදිලා එතන වෙන අවුලක් යනවා. ඔය රස්නේ නිවන්න තියන එකම විසඳුම තමයි ක්‍රිකට් මැච් කියන්නේ. අර රණ්ඩු වෙන උන් අන්තිමේ අත් අල්ලන් යන්නේ ග්‍රවුන්ඩ් එකට. චියර් කරන්නේ අනික් එකාගේ කරේ නැගලා. ක්‍රිකටර්ස්ලා ගැන එක එක මීම්ස් එළි බැස්සම ෂෙයාර් කරන්නේ එකට. හැමෝම එකට අල්ලලා ගැටගහන එකම විදියේ හැඟීම් පද්ධතියක් ඒක.


දේශීය පොල් අරක්කුවල ඉඳන් අස්ප ගණන් වටිනා ඕනෑ ම අරිෂ්ටයකින් පුළුවන්කමක් තියෙනවා විරසක නැති කරවලා දාලා එකිනෙකා බදාගෙන තමන් අනෙකාට කොච්චර ආදරේ ද කියලා දැනගන්න පවා. ඒ තරම් පවර් එකක් තියෙන අඩියක් ගැසීම සඳහා අදාළ තරහකාරයන් ගෙන්වා ගන්න එක යාළුවන් සතු වගකීමක් හැබැයි. අඩිය ගැහුවට පස්සේ කරේ තියන්‍ යන්නේ, කරේ.


රාමසාන් උපවාස කාලේ ඉවර වෙලා ඒ බව මුස්ලිම් ජාතිකයන් සමරන්නට යෙදෙන්නේ රස නහර පිනා යන ආහාර වර්ග කාලනේ. ඒ අතරින් වටලප්පම්වලට හිමි වෙන්නේ ලොකු තැනක්. කොයි තරම් කෑම ජාති හැදුවත් කෑම ගැන මතක් කරලා ඉල්ලන්නේ ‘වටලප්පන් ඕනි’ කියලනේ. වටලප්පන් ඉල්ලන තැන ඉඳන් ඒවා කෑම දක්වා ම බෙදාහදා ගැනීමක් තියනවා.


වලියක් කියන්නෙම මොකක් හරි බෙදීමක් නිසා ඇති වුණ ප්‍රතිඵලයක් වුණාට වෙන හේතුවකට බෙදිලා ඉන්න උන් ව එක් කරන්න ඒ වලියකට පුළුවන්. ඒ මෙන්න මෙහෙමයි. වලියේ ප්‍රේක්ෂකයන් වීමෙන් තමයි මේ එක්වීම සිද්ධ වෙන්නේ. ඔන්ලයින් ජීවිතේ වේවා මහපාරේ වේවා වලියක් වුණා ම වට වෙලා ඒ දිහා බලන්නේ. නැත්තන් කිසිම ආතල් එකක් නෑනේ. ගැටුම් කළමනාකරණය කියන්නේ පොඩි කාලේ සබ්ජෙක්ට් එකක් මල්ලි.


ට්‍රැෆික් මූලස්ථානය පිහිටි කොළඹ නගරයේ ඉඳන් කතා කරොත් බේස්ලයින්, හයිලෙවල්, ගාලු පාර, ඩුප්ලිකේෂන් යනා දී පාරවල දවසේ ඕන ම වෙලාවක සෙනඟ රොත්ත පිටින් ඉන්නවා දකින්න පුළුවන්. මේ සෙනඟ අතරේ පොඩි ම දෙයක් නිසා හරි දෙපැත්තකට බෙදුණ අය, එහෙම වෙන්න බලාපොරොත්තු වුණ අය සහ වලිවලින් පීඩාවට පත් වුණ මිනිස්සු කියන තුන් කොට්ඨාසය ම එනවා. තමන් එකට එකතු වෙලා මේ එදා වේල ට්‍රැවල්ස් එක එකට කරනවා කියලවත් ඒ කවුරුත් දන්නේ නෑ.


එක එක නම්වලින් හඳුන්වා දිය හැකි දුරකතන සේවා සපයන ආයතන කරන නහුතයක් අකටයුතුකම්  ගැන සමාජය දැනුවත් වෙන්නේ මේ ඊයේ පෙරේදා ඉඳන්. ඒ නිසා ඒවට සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගෙන් ගැලවිල්ලක් නෑ. ඇඳිවත නැති වෙන්නේ සමූහ වශයෙන්. මේ සමූහ එක් වීමේ දී ජාති, ජන්ම, කුල මෙලෝ භේදයක් බලන්නේ නෑ. 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here