භාණ්ඩ රැසක මිල අඩුවෙන ලකුණු – Saru FM

0
87


ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ රැසක මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළා

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි ඒ මහතා සඳහන් කලේ

ඔහු පෙන්වා දෙන්නේ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම කුකුළු මස් මිල ඉහළයෑම සම්බන්ධයෙන් ද ඉදිරි දින කිහිපයේදී විසඳුමක් ලබාදෙන්න කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා


Saru Fm Media