යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ගමන්කරමින් තිබූ මගී යාත්‍රාවක් ඊයේ (23)අනතුරකට ලක්ව තිබෙනවා.
නෙඩුන්තීවු සිට සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව කූරිකඩ්ඩුවාන් සඳහා පිටත්ව ඇති අතර අතරමැද මුහුදු සීමාවේදී
මගී යාත්‍රාවේ සුක්කානම අක්‍රීය වී ධාවනය නැවතී ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
එහිදී මගීන් යාත්‍රාව ගිලීමට යන්නේ යැයි නොසන්සුන් වී තිබුණා.
පසුව එම යාත්‍රාව මගින් අසල සිටි ධීවර යාත්‍රා වෙතට සන්නිවේදනය කරඅනතුර සම්බන්දයෙන් නාවික හමුදාවටද දැනුම් දී
තිබෙනවා.
අනතුරුව නාවික හමුදාවේ සහය ඇතිව අනතුරට පත්යාත්‍රාවේ සිටි 70 ක් පමණ මගීන් නැවත කූරිකඩ්ඩුවාන් ජැටියටම
රැගෙන ඒමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.
Saru Fm Media