මරණයට පාර කියන යක් කුරුල්ලා – Saru FM Media

0
168


යක් කුරුල්ලා එහෙමත් නැත්නම් උලලේනා එහෙමත් නැත්නම් උලමා කියන්නේ ගම්බද පැතිවල ජීවත් වෙන එක්තරා විදියක අද්භූත සත්වයෙක්. උලමා සතුව තියන අමුතු කටහඬ නිසාම තමයි මේ සතාට අද්භූත ගති පැවතුම් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. අද අපි ඒ අමුතු කුරුල්ලා ගැන තොරතුරු ටිකක් බලමු.

 

එක අතකින් මේ උලමා කියන්නේ බකමූණු වර්ගයක්. අපේ රටෙත් ගොඩක් ප්‍රදේශවල ජීවත් වෙන විවිධ නම් වලින් හඳුන්වන පක්ෂි විශේෂයක්. ඒ වගේම ඉන්දියානු, අයිරිශ් ජනප්‍රවාදවලත් මේ උලමාව විවිධ නම් වලින් හඳුන්වනවා. උලමා කෑගහන එක ඉතාමත්ම දුර්ලභ දෙයක් බවයි කියවෙන්නේ. ජිම් කෝබට් කියන රචකයා තමන්ගේ “Tales from the Indian jungles” කෘතියේ මේ උලමුන් ගැන සඳහන් කරනවා. ඒ පොතේ තියෙන විදියට ඔහුට ජීවිත කාලෙටම උලමගේ සද්දේ ඇහිලා තියෙන්නේ තුන් පාරක් වගේ අඩු වාර ගාණක් වීමත් විශේෂයි.

 

මේ උලමා කියන සතාත් සාමාන්‍ය කුරුල්ලෝ වගේම පැටවු බිහි කරන්නේ බිත්තර වලින්. ඒත් සාමාන්‍ය කුරුල්ලන්ට වඩා උලමාගේ පැටවු බිහිකිරීමේ ක්‍රියාවලියෙ පොඩි වෙනස්කමක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? මේ උලමගේ බිත්තර රැක බලා ගන්නේ බිත්තරය දැමූ අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට. ඒක තමයි ටිකක් විතර වෙනස් වෙන්නේ…

 

මේ යක් කුරුල්ලා සාමාන්‍යයෙන් රාජාලියෙක්ගේ හැඩයට සාමානයි. හැබැයි ඊට වඩා ගොඩාක් පොඩියි. හැබැයි බකුමූණෙක් තරම්ම පොඩිත් නෑ. ඊට වඩා ලොකුයි. සාමාන්‍ය බකමූණෙක් වගේ කෙටි බෙල්ලකුත් නෑ. ඒ වගේම මේ උලමට අං දෙකක් වගේ කන් දෙකකුත් තියෙනවා. ඒකත් උලමා සතු විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තැඹිලි පාටට වගේ හුරු ඇස් දෙකක් තමයි උෟට තියෙන්නෙ. මේ ලක්ෂණ දැනගෙන හිටියොත් ඔයාටත් උලමෙක්ව ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්…

 

මේ උලමාව එහෙම නැත්නම් යක් කුරුල්ලාව අද්භූත සතෙක් විදියට සළකන්නේ උගේ සද්දේ හින්දානේ. ඉතින් මේ සද්දේ හරියට නිකන් ලතෝනියක්, ශෝකී ස්වරයක් වගේ. අපේ රටට අනුව උලමෙක් කෑගහන්නේ මරණයේ පණිවුඩයක් අරන්ලු. අපේ රටේ විතරක් නෙමෙයි, මේ උලම් විශේෂ අද්භූත සත්තු විදියට අයිරිශ් ජාතිකයින් වගේම ඉන්දියානු ජාතිකයින් විසිනුත් සළකනු ලබනවා. ඒත් අපේ රටේ සමහර පැතිවලනම් උලමෙක් කෑගහනවා කියන්නේ නිකම්ම නිකන් සතෙක්ගේ කෑගැහිල්ලක් විතරයි ඉතින්. මේවා එක අතකින් අපි හදාගත්තු බොරු මිත්‍යාවන්.

 


Saru Fm Media