මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටි තිදෙනෙකුට වැඩ වරදියි

0
8

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා මුදල් හා රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ආඩිඅම්බලම හා වල්පොල ප්‍රදේශවලදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන, දෙමටගොඩ හා බොරැල්ල ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙක්.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 270ක්, සොරකම් කරන ලද  කරාබු ජෝඩු 03ක් සහ රන් මුද්දක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මීගමුව, ගම්පහ, හලාවත, කිරුළපන, නුගේගොඩ, කැළණිය, වත්තල ඇතුළු ප්‍රදේශ රැසකදී සැකකරුවන් විසින් පුද්ගලයන් රවටා එලෙස මුදල් හා රන් භාණ්ඩ සොරකම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.

සැකකරුවන්ට එරෙහිව අධිකරණ රැසකම නඩු පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here