මෑත කාලයේ ලංකාවේ බිහිවුණු හොඳම විද්‍යා ප්‍රබන්ධ පොත් හතක් – Saru News Media

0
13

විද්‍යා ප්‍රබන්ධ කියන්නේ ගොඩාක් අය ආසම ශානරයක්. ඒ වගේම සමහරුන් නම් අකමැතිම ශානරයක්. ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ කිව්වොත් ගොඩාක් උදවියට මතක් වෙන්නේ ආතර් සී ක්ලාක් මහතාගේ පොත් වල පරිවර්තනනේ. එතුමාගේ පොත් හරහා තමයි අපි බොහෝ දෙනෙක් මේ විද්‍යා ප්‍රබන්ධ කතා වලට ඇබ්බැහි වෙන්න පටන් ගත්තේ. අද අපි කතා කරන්නෙත් විද්‍යා ප්‍රබන්ධ ගැන. මෑතකදී  එළිදැක්වූ හොඳම සිංහල විද්‍යා ප්‍රබන්ධ කතා හතක් තමයි අපි අද ගෙන එන්නේ… 

 

අපි මුලින්ම කතා කරන්නේ මෑතකදී ආපු ජනප්‍රියම විද්‍යා ප්‍රබන්ධය ගැන කියල කිව්වොත් අපි වැරදි නැති වෙයි. මෑත කාලයේ කිව්වට මේක එන්නේ 2009 අවුරුද්දේ. මේ පොතේ රචකයා වෙන්නේ දමිත නිපු​ණජිත්. ඔහුගේ මුල්ම පොතත් මේකමයි. මේ පොතේ තියෙන කෙටිකතා හතම එකකට එකක් දෙවැනි නෑ. විද්‍යා ප්‍රබන්ධ ලෝලියෙක් කියවිය යුතුම පොතක් විදියට “විස්මි​ත සිහින දකින්නා” අපට නිර්දේශ කරන්න පුළුවන්.

 

“රාවණා මෙහෙයුම” පොත් දෙක ,”X එක්ස්” වගේ පොත් කියවපු කෙනෙක්ටනම් වෛද්‍ය සුසිත රුවන්ව අමතක වෙන එකක් නෑ. මේක ටිකක් විතර වෙනස් ප්‍රබන්ධයක්. ඉකරස්වරුන් හා ජානතාක්ෂණික මිනිසුන්ගේ කතාව ඔස්සේ අනාගතයේ ජනශුන්‍ය වන පෘථිවියට පරිබාහිර මිනිසුන්ගේ අනාගතය තමා මේ පොතට පාදක වෙන්නේ…

 

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානය (විද්‍යා ප්‍රබන්ධ) පිදුම් ලබපු පොත තමයි මේ. මේක ලියන්නේ හසිනි භාග්‍යා රත්නායක. නවීන සබ්මැරීනයක මරියානා ආගාධය ආශ්‍රිත ගවේෂණ චාරිකාවක යෙදෙන තරුණ ගවේෂකයින් හත් දෙනෙක්ව තමා මේ කතාවට පසුබිම් වුණේ. කියෙව්වට පාඩු නැති පොතක්…

 

මේකත් ගොඩාක්ම හොඳ විද්‍යා ප්‍රබන්ධයක්. පසිඳු කල්හාර මැදගෙදර කියන කතුවරයාගේ දෙවන ස්වතන්ත්‍ර කෘතියත් මේකයි. මේක එළි දැක්වුණේ 2014 අවුරුද්දේ. කතා දෙකකින් සමන්විත මේ පොත කෙටිකතාවක් හා තරමක් දීර්ඝ කතාවකින් සමන්විතයි. දීර්ඝ කතාවට පාදක වෙන්නේ අනාගතය දකින්න අනාගතයට යන වෛද්‍යවරයෙක්ගේ කතා පුවතක්…

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here