මිනිහෙක්ට ප්‍රශ්නයක් තියෙනකොට ගෑණියෙක් කරන මෝඩ දේවල්! – Saru News Media

0
4

ප්‍රශ්න නැත්තේ කාටද? ඕනම මනුස්සයෙක්ට වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් ලෝක ප්‍රශ්නයක් වෙන්නේ, එහෙම ප්‍රශ්න තියෙන අතරේ කොරේ පිටට මරේ වගේ තව ප්‍රශ්න කඩා වැටෙනකොට තමයි. එහෙම කඩාගෙන වැටෙන්න පුළුවන් ප්‍රශ්න වලට එක උදාහරණයක් තමයි, ප්‍රශ්නේ විසඳන්න ට්‍රයි කර කර ෆුල් මූඩ් එකේ ඉන්නකොට තමන්ගේ ගෑණි ඇවිත් තව මොකක් හරි මොට්ට මෝල් වැඩක් කරන එක. එහෙම නැතිනම් ප්‍රශ්නේ විසඳන්න කියලා හිතාගෙන ප්‍රශ්නේ දෙක කරන එක. ඔව්වා පාත් වෙන්නේ ඉතින් කසාද බැඳපු උදවියට නැතිනං ලව් එකේ ඉන්න උදවියට තමයි!

 

“අනේ මෙහ්, මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්න එනවා. ඔයට ඕක මහලොකු ප්‍රශ්නයක් වුනාට රටේ ලෝකෙ මිනිස්සු ඔව්වා ප්‍රශ්න කියලා හිතන්නෙ නෑ. නිකං හිතන්න මට පුංචි කාලේ ඉඳලා තිබුණු ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට මම හිත් කලබල කරගත්තා නං මං මැරුණු තැන්වල ගස් පැළවෙලා, ඒ ගස් බදුර්ඩීන් ඇවිත් කපාගෙනත් ගිහිල්ලා. නිකං බොරුවට ප්‍රශ්න කියලා පෙන්නන්නෙ නැතුව ඉන්නවා!”

ආන්න එහෙම ටෝකක් දුන්නහම ඉතින් හිතෙන්නේ “මැරුං නොකා මෙතනින් පලයං” කියන්න තමයි. කාරණේ මෙච්චරයි. ප්‍රශ්නේ ලොකු හෝ පොඩි වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට ඒක ඔළුවට කරදරයක් නං, ඒ ප්‍රශ්නේ අරයගේ මෙයාගේ ප්‍රශ්න වලට සාපේක්ෂව කිරන්න මනින්න යන්න නරකයි.

 

“හයියෝ දෙයියනේ, ඔයාව රස්සාවෙන් අස් කලාද? නෑ, එහෙනං ඔයාව දාව වෙන ගෑණියෙක්ට දරුවෙක් ලැබිලද? නෑ, එහෙනං ඔයාගෙ පපුවේ හිලක්ද? ඒත් නෑ?”

“හයියෝ, දෙයියනේ කාර් එක වැදුණා, හනේ දෙයියනේ කී ලස්සයක් වියදං කරලා ගත්තු වාහනේද, ගත්තා විතරයි. දැන් එකත් එකටම පැත්තක් ගිහින් ඇති. අනේ ඉතින් ඕක හදන්න සල්ලි හොයාගන්න මට එක්කෝ කඩයප්පං තම්බන්න වෙයි, නැත්තං මැදපෙරදිග යන්න වෙයි. අනේ අපි ඉවරයි”

මිනිහට ප්‍රශ්නයක් වෙලා තියෙනකොට ගෑණිත් ඔහොම විලාප ගහන්න තියාගත්තහම මිනිහට හිතෙන්නේ ඉතින් පොලිඩෝල් හොයන්ඩ තමයි. ඇයි හද්දෙයියනේ ප්‍රශ්නේ විසඳන්නයි, ගෑණිගේ අඬවැඩියාව නවත්තලා ගෑණිව නලවන්නයි දෙකක් පුළුවනැයි!

 

“මෙහ්, අනං මනං වැඩක් නෑ, ඔයා අපේ තාත්තිට කියන්න ඔය ප්‍රශ්නේ. තාත්ති අඳුනන අය ඕන තරම් ඉන්නවා හැමතැනම. පාප් වහන්සෙත් තාත්තිගේ පරණ යාලුවෙක්. ඔය ප්‍රශ්නේ තාත්තිට නතිං”

සමහර මිනිස්සුන්ට ඉතින් මෙහෙම සීනුත් පත්තු වෙනවා. ඒ කියන්නේ අර චක් නෝරිස්ගේ දුවව බැන්ඳහම වගේ තමයි. ඕන එකකට තාත්ති. අන්තිමට මිනිහට තියෙන ප්‍රශ්නෙට අමතරව ගෑණිගෙ පවුලේ අය ඉස්සරහා පීචං වෙන්නත් වෙලා. ඇත්තටම ප්‍රශ්නයක් ආවහම, ඒක තමන්ට විසඳගන්න බැරි නම්, තමන්ගේ මාමණ්ඩිට ඒකට උදවුවක් දෙන්න පුළුවන් නම් ඒ උදවුව ඉල්ලන එක කිසිසේත්ම ගැටළුවක් නෙවෙයි. හැබැයි ඉතින් එතනට යන්න වෙන්නේ තමන්ව ගැඩවිලෙක් ගාණට දාගෙන නම්, ආත්ම ගෞරවය කියන එක කලිසමත් එක්කම ගලවලා තියලා නම් අන්න ඒක ප්‍රශ්නයක්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here