ඉතාලියේ ධනවත්ම නගරය ගැන ඔබ දන්නවාද? බොහෝ දෙනෙක් කනාවට වගේ රෝමය කියලා කියයි. ඒත් නිවැරදි උත්තරේ තමයි මිලානෝ. මිලානෝ නුවර සැළකිය යුතු ලාංකික ප්රජාවකුත් ජීවත් වෙනවා. අද වෙනකොට යුරෝපයේ වගේම ලෝකයේ ධනවත්ම නගරයක් බවට මිලානෝ පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කලා සහ විලාසිතා ක්ෂේත්රයේ අගනුවරක් විදිහට මිලානෝ නගරය සැළකෙනවා. අපි අද ඔබට කියන්නේ යම් දවසක ඔබට මිලානෝ නගරයේ සංචාරයක යෙදෙන්න අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන කිහිපයක් පිළිබඳවයි.
මේ මහා කලාගාරයක් බඳු වූ දේවස්ථානය ඇතැම් අය හඳුන්වන්නේ කිරිගරුඬවලින් සැකැසුණු වනාන්තරයක් ලෙසයි. 1386 දී මෙහි වැඩ කටයුතු ආරම්භ වූ අතර එය නිම වීමට වර්ෂ 500 ක පමණ කාලයක් ගත වුණා. ඒ සඳහා මූලික වූයේ මිලාන් හි ආදිපාදවරයා වන අතර ඔහුගේ බලාපොරොත්තුව වූයේ නගරයේ විශිෂ්ටත්වය නිරූපණය වන සංකේතයක් බවට මෙම දේවස්ථානය පත් කිරීමයි. අද මෙම දේවස්ථානය දකින ඕනෑම අයෙකුට ඔහුගේ එම බලාපොරොත්තුව ඉෂ්ට වී ඇති ආකාරය අත්දකින්න පුළුවන්.
මෙම සුවිශේෂී ගොඩනැගිල්ල ඉතිහාසය තුළ බලකොටුවක්, රජ මාළිගයක් සහ හමුදා කඳවුරක් ලෙස භාවිතාව තිබෙනවා. අද වන විට මෙය කෞතුකාගාරයකට සහ කලා නිර්මාණ එකතු කීපයකට සෙවණ ලබා දෙනවා. කලක් මෙම ගොඩනැගිල්ල වඩාත් සුන්දර ස්ථානයක් කිරීමට ලියනාඩෝ ඩාවින්චි ද සේවය කොට තිබෙනවා. එනිසා ලියනාඩෝ ඩාවින්චි පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ අය මෙම මාළිගා සංකීර්ණය මග හරින්නේ නැහැ. ඒ නැතත් මෙම කෞතුකාගාරය තුළ ඉතාලියේ සහ ලෝකප්රකට ශිල්පීන්ගේ නිර්මාණ රැසක් දකින්නට ලැබෙනවා.
ඉතාලියේ පවතින පැරණිතම වෙළඳ සංකීර්ණය ලෙස මෙය හැඳින්වෙනවා කෙසේ නමුත් මිලාන් වැසියන් එලෙස හඳුන්වනවාට වඩා තම නගරයේ හදවත ලෙස මෙම වෙළඳ සංකීර්ණය හැඳින්වීමට රුචිකත්වයක් දක්වනවා. ගෘහ නිර්මාණ ශිල්පීය වශයෙන් සහ කලාත්මක වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉතා ඉහළ අගයක් ගන්නා අතර මෙහි සිදුවන්නේ වෙළඳාම පමණක්ම නොවේ. විධ කලා ශිල්පීන් මෙන්ම ව්යාපාරිකයන් හමුවන කේන්ද්රස්ථානයක් බවටද මෙය පත්ව තිබෙනවා.
විලාසිතා පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන් අතර මිලානෝ නගරයේ මෙම කොටස අතිශයින්ම ප්‍රසිද්ධයි. ප්රධාන වීදි හතරකින් සහ ඊට එක්වන අනුකුඩා වීදි රැසකින් මෙම ප්රදේශය සමන්විත වනවා. ඒ සියළු වීදි විවිධ විලාසිතාගාර සහ තම විලාසිතා නිර්මාණ විකිණීමට පැමිණෙන විලාසිතාකරුවන්ගෙන් පිරී පවතිනවා.
Saru Fm Media