මිලින්ද මොරගොඩ සහ ඉන්දීය මුදල් ඇමතිනිය අතර විශේෂ හමුවක් – Saru FM Media

0
103


ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ය.

ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ සහයෝගය සහ ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සම්බන්ධයෙන් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර සාකච්ඡා වට ගණනාවක්ම 2021 නොවැම්බර් මාසයේ සිට පැවැත්වී තිබිණි.

එම සාකච්ඡා මාලාවෙහි තවත් පියවරක් වශයෙන් ඊයේ මෙම හමුව සිදුව තිබුණු අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සඳහා ඉන්දීය රජය ලබාදුන් තීරණාත්මක සහයෝගය පිළිබඳව මහකොමසාරිස්වරයා මෙහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ ස්තූතිය ඉන්දියාව වෙත පළකර තිබේ.

එසේම පවතින තත්වය හමුවේ ද්වි පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වික මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් සීතාරාමන් මහත්මිය පෞද්ගලිකව සිදුකළ මැදිහත්වීම සම්බන්ධයෙන් ද මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විශේෂ ස්තූතිය පළකර ඇත.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඉන්දීය ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම, ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය වැඩිකර ගැනීම යන කරුණු සම්බන්ධයෙන් ද මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

RN


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here