මීනගයා දුම්රියේ දමාගිය දරුවා තවත් වසර තුනක කාලයක් පරිවාස අධීක්ෂණ භාරයට පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පරිවාස නිලධාරීන්ට නියෝගකළා.
කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා ධාවනය වීමට සුදානම්ව තිබූ මිනගයා දුම්රියේ වැසිකිලියේ දමා ගොස් සිටියදී මෙම දරුවා සොයා ගැනුණේ පසුගිය මාර්තු 10 වනදායි. මෙලෙස අලුත උපන් බිළිදෙකු දමා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බිලිඳාගේ මව සහ ඇගේ පෙම්වතා වූ දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එම දිනවලම කටයුතු කෙරුණා. එහිදී එම සැකකාරිය හා සැකකරු නිත්‍යානුකූලව විවාහ වී දරුවා භාරගැනීමට සූදානම් වූ බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහැරීමට නියෝගයක් කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එදින අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව දරුවා දෙමාපියන් භාරයට පත් කෙරුණා. ඒ පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේයි. මෙම නඩුව අද යළි කැදවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දරුවාගේ පෝෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිසි පරිදී සිදුවන්නේ ද යන්න පිළිබද නිරීක්ෂණය කළ යුතු බවයි. ඒ අනුව තවත් වසර තුනකට පරිවාස අධීක්ෂණ භාරයට පත් කිරීමටයි නියෝග කෙරුණේ. සිද්ධිය වී දින කිහිපයකට පසුව ඔවුන් විවාහ වූ බවත් දරුවාගේ පියා කොළඹ රැකියාවක් කරන බවත් දරුවාගේ ආහාර පාන අවශ්‍යතා සියල්ල ඉටු කරන බවත් ඔවුන්ගේ නීතීඥවරිය අධිකරණයට දන්වා සිටියා. දරුවාගේ මවට අයත් ජංගම දුරකතනය පොලිස් භාරයෙන් මුදා හරින ලෙසද ඇය ඉල්ලීමක් කලා. ඇපමත මුදා හැර සිටින යුවළද අධිකරණය හමුවේ අද පෙනී සිටියා.
Saru Fm Media