මී පැණි මේ තරම් ශරීරයට ගුණ දෙනවා කියලා දැනගෙන හිටියද? – Saru News Media

0
7

මී පැණි කියන්නෙ ලෝකයේ සෞඛ්‍යදායකම ආහාරයක් විදියට පිළිගැනෙන දෙයක්. සොබාදහමේ අපූරු දායාදයක් වෙන මී පැණි අතීතයේ ඉඳන්ම ආහාර රසගන්වනයක්, කල්තබාගන්නා ද්‍රව්‍ය​යක් සහ නොයෙකුත් ලෙඩ රෝග වලට ඖෂධයක් විදියටත් භාවිතා කෙරුනා. මී මැස්සන් කියන්නෙ වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍යම ජීවීන් කොටසක්. මී පැණි ලබාගන්න වගාවක් ලෙස හෝ මී මැස්සන් ඇති කිරීම ලෝකයට හිතකරයි. අපි අද මේ කියන්න හදන්නෙ මී පැණි වලින් අපිට ඇති වාසි කිහිපයක් ගැන. හැබැයි මේ වාසි අත් කරගන්න නම් හොඳම ස්වභාවික මී පැණි ලබාගන්න ඕන. වෙළඳපලේ අද වෙනකොට තියෙන්නෙ සීනි කලවම් කරපු බාල තත්ත්වයේ මී පැණි නිසා උසස් තත්ත්වයේ නියම මී පැණි පාවිච්චි කරන්න කියලත් අපි මතක් කරනව.

 

බර අඩු කරගන්න මී පැණි ඉතාම හොඳ ප්‍රතිකර්මයක්. අද වන විට අධික තරබාරුව සෑහෙන ලොකු සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වෙලා. රාත්‍රියේ නින්දට යෑමට පෙර මී පැණි හැන්දක් ගැනීම නින්දේදීම ශරීරයේ අමතර මේදය දහනය කරන්න උපකාර වෙනව. උදෑසන හිස් බඩ මී පැණි හැන්දක් මිශ්‍ර කරගත් මද රස්නය ඇති වතුර එකක් බීමෙන් පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු වී ශරීරයේ බර අඩු කරගැනීමට එය උපකාර වෙනව. 

 

මී පැණි කියන්නෙ රූපලාවණ්‍යයේදි නැතුවම බැරි දෙයක්. සමෙහි තෙතමනය රැකදී සමේ සිදුරු විවර කර සම ඇතුලතින්ම පෝ​ෂණය කරන්න මී පැණි සමත්. සමේ අඳුරු ලප ඉවත් කරගැනීමට වගේම ස්වභාවික විෂබීජ නාශකයක් විදියට ක්‍රියා කරන නිසා කුරුලෑ තුවාල, සීරීම් වගේ මුහුණේ ඇති තුවාල සුව කර සම දීප්තිමත් කරන්න උපකාරී වෙනව. ලොව පුරා මී පැණි අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් තියෙන්නෙ මේ නිසයි.

 

මානසික ආතතිය, කාර්යබහුලකම වගේ නොයෙක් හේතු නිසා දවසක අවසානයේ සුවබර නින්දක අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනව. උණුසුම් කිරි වීදුරුවකට හෝ කැමොමයිල් තේ එකකට මී පැණි තේ හැන්දක් එක් කරගෙන නින්දට පෙර පානය කිරීමෙන් ඔබට සුව නින්දක් ලබාගන්න පුළුවන්. අතීතයේ ඉඳන් මිනිස්සු සුව නින්දකට මේ ක්‍රමය පාවිච්චි කරල තියෙනව.

 

සයිනස් කියන්නෙ ශ්වසන පද්ධතියේ ආරක්ෂාවට අපේ හිස්කබල තුල ශ්ලෙෂ්මල නිපදවන කුහර වලට. නොයෙකුත් වෛරස ආසාදන තත්ත්වයන් නිසා මේ කුහර තුල වාතය සහ ශ්ලේෂ්මල සිරවී හිසරදය වැනි කරදරකාර තත්ත්වයන් ඇති කරනව. මී පැණි කියන්නෙ ස්වභාවිකම විෂබීජ නාශකයක් සහ බැක්ටීරියා නාශක ගුණයෙන් අනූන දෙයක්. මී පැණි නිතර ආහාරයට එක් කරගැනීමෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිත සයිනස්, කැස්ස වගේ රෝග වලින් මිදෙන්න පුළුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here