මෙම වසර අවසන් වනවිට උද්ධමනය සියයට 5 ක් දක්වා අඩු කිරිමට සැලසුම් – Saru FM ( Sinhala )

0
98


රටේ මුල්‍ය ස්ථාවරත්වය සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. වත්මන් වැඩපිළිවෙල හේතුවෙන් රටේ උද්ධමනය සියයට 70 සිට සියයට 50 දක්වා අඩුවී තිබෙ. මෙම වසර අවසන් වනවිට එය සියයට 5 ක් දක්වා අඩු කිරිම ඉලක්කය බව දස දෙසින් 7.00 වැඩසටහනට එක් වෙමින් හෙතෙම පැවසීය. මහබැංකුවේ ප්‍රධාන කාර්යභාරයක් වන්නේ උද්ධමනය පාලනය කිරීමයි. බැංකු පද්ධතිය නියාමනය කර ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම ද මහබැංකුවට පැවරී ඇති වගකිීමකි. තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික මුල්‍ය ආයතන විශාල වශයෙන් ලියාපදංචි වීම හමුවේ මුල්‍ය අවභාවිතය ඉහල යාහැකිය. ජනතාවට නුසුදුසු මුල්‍ය ආයතන ඉවත් කිරීමට පියවර ගැනේ. පසුගිය සමයේ මහබැංකුව ස්වාධීන ආයතනයක් ලෙස නියාමනය කළේ නම් වත්මන් අර්බුදයක් පැන නොනගිනු ඇත. විදේශ විනිමය වෙළෙූඳපල මේ වනවිට නිසි පරිදි ක්‍රියාත්මක කෙරේ. බැංකු පද්ධතියට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම ප්‍රධාන අරමුණයි. ඒ සඳහා සහනදායි පොලිී අනුපාතික ඇති කෙරේ. දුෂණ නතර කිරීම ඩ්€ු විනිවිද භාවයකින් කටයුතු කිරීම ජනතාවට සහන සාධාරණ ලෙස ලබාදීම හමුවේ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වනු ඇත. සාධාරණ පොලියක් යටතේ ණය ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතු බව මහබංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. අපනයන ආදායම කළමනාකරණය කර ඉන්ධන ඖෂධ ගෑස් වැනි මුලික අවශ්‍යතා සඳහා පමුඛතාව දිය යුතුව ඇතැයි ද හෙතෙම කීවේය.

The post මෙම වසර අවසන් වනවිට උද්ධමනය සියයට 5 ක් දක්වා අඩු කිරිමට සැලසුම් appeared first on Saru FM ( Sinhala ).


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here