මෙම ස්මාරකය රැකගැනීමට රටේ සැවොම එක්වෙමු.. මේ තියෙන්නේ මිහින්තලේ මිහිදු සෑය. මෙ…

0
401

මෙම ස්මාරකය රැකගැනීමට රටේ සැවොම එක්වෙමු..
මේ තියෙන්නේ මිහින්තලේ මිහිදු සෑය. මෙය පැරණි ස්වරූපයෙන් පැවතීම මිහින්තලයේ පුරාවිද්‍යා අගය රැකගැනීමට පිටුවහලක්. ඒත් අවාසනාවට අන්ධ භක්තික සහ ව්‍යාපාරික අරමුණ සහිත කීපදෙනෙක්ගෙ උවමනාවට මෙම වටිනා ස්මාරකය අලුත් ඉදිකිරීමක් බවට පත්කරමින් ඉන්නේ මේ වනවිටත්. මිහින්තලයේ යන සැදැහැවතුන්ගේ වන්දනා කටයුතු සදහා මෙම ස්ථානයට ඉතාම ආසන්නව සුදු හුණු පිරියම් කළ මහාථූපය සහ සේල චේතිය පිහිටා තිබෙනවා. වන්දනා කටයුතු සදහා යම් අයෙකුට එවැනි ස්ථානයක්ම අවශ්‍ය වන්නේනන් එම ථූප දෙක යොදාගත හැකියි. අනෙක් කරුණ සැබෑ ශ්‍රද්දාව ඇති අයෙකුට වන්දනා කිරීම සදහා සුදු හුණු පිරියම් කර තිබීම අත්‍යවශ්‍ය කරුණක් නොවෙයි. එය මනසින් කළ යුත්තක්. මා පවසන්නේ මෙම විනාශය නතරකොට පෞරාණික ස්මාරකය ආරක්ෂා කරගැනීමට රටේ සැවොම එක්වියයුතු බවයි. නොඑසේනම් රටේ අන් ස්ථානවල ඇති පෞරාණික ස්මාරකවලට සිදුවන්නේත් මෙම තත්ත්වයමයි.



Saru FM Media