මේ කම්පියුටර් ස්කිල්ස් තිබුණොත්, ගොඩක් දුරට පළවෙනි රස්සාව එක ෂුවර්! – Saru News Media

0
11

දැන් අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම වගේ තාක්ෂණයෙන් බලගැන්වුණු ලෝකෙකනේ. ආයෙ කම්පියුටර් නැතුව වැඩ කරන එක තැනක් ගැනවත් හිතාගන්නවත් පුලුවන්ද? ලෝකේ එහෙම වේගයෙන් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට, අපිටත් සිද්ධ වෙනවා අලුත් විෂයන් වල දැනුම ලබාගන්නවා වගේම, පරිගණක සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය වෙන කුසලතාවයන් ලබාගන්නත්.

 

දැන් අපි හිතමු ඕ ලෙවල්/ ඒ ලෙවල් කරලා, එහෙම නැතිනම් කැම්පස් ගිහිල්ලා, තමන්ගේ පළවෙනි රැකියාව ලබාගන්න ඉන්ටර්න්ෂිප් වලට හරි කෙලින්ම ජොබ් එකකට හරි ඇප්ලයි කරන කෙනෙක් කියලා. එතකොට ගොඩක් දුරට විෂය දැනුම කියලා පෙන්නන්න තියෙන්නේ අඩු පරාසයක දේවල්නේ. විශේෂයෙන්ම ඕ ලෙවල්/ඒ ලෙවල් වලින් ජොබ් වලට ඇප්ලයි කරන කොට එහෙම විශේෂ ක්ෂේත්‍රයක දැනුමක් ලබාගෙන නැහැ. හැබැයි එහෙම අයට වුණත් අනිවාර්යයෙන්ම මූලික පරිගණක දැනුම හරි තියෙන්න වෙනවාම තමයි.

 

අන්න ඒ නිසා, අපි හිතුවා පළමුවෙන් රැකියාව තෝරගන්න කෙනෙක්ට, මූලික පරිගණක දැනුමට අමතරව තියෙන්න ඕන පරිගණක කුසලතා කීපයක් ගැන කියන්න.

 

Computer skills that will help you to get hired

ඔෆිස් කියපු ගමන් අහන්න එපා “ආපෝ වර්ඩ් වල ටයිප් කරන්නද, ඒක පුලුවන්” කියලා. ඇත්තටම ඔෆිස් පැකේජ් එකේම දැනුම දැන් කාලේ ජොබ් වලට අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අඩු තරමින් වර්ඩ්, එක්සෙල් සහ පවර්පොයින්ට් වත්. මේ වලට මයික්‍රොසොෆ්ට්ම වෙන්න ඕනැත් නෑ. වර්ඩ් ඩොකියුමන්ට්ස් වල වැඩ කරන්න, ස්ප්‍රෙඩ්ෂීට් ඇප් එකක් පාවිච්චි කරන්න සහ ප්‍රසන්ටේෂන් හදන්න පුලුවන් නම් හරි. හැබැයි මේවල නිකම්ම බේසික් දැනගෙන මදි. උදාහරණ විදියට කිව්වොත්, ගූග්ල් ෂීට්ස් හරි එක්සෙල් වල හරි ඩේටා ඇතුළත් කරන්න, විවිධ ෆෝමියුලා පාවිච්චි කරන්න, ෆෝමැටින්, pivot tables වගේ ඒවා දැනගන්න ඕන. එතකොට වර්ඩ් වල වුණත් නිකම්ම ලියුමක් ටයිප් කරලා මදි, ඊට වඩා ඒක ඇතුළේ තියෙන ඇඩ්වාන්ස් හැකියාවන් ගැන දැනගෙන ඉන්න ඕන. මීට අමතරව ඉතින් මයික්‍රොසොෆ්ට් ඇක්සෙස් වගේ ඒවත් දන්නවා නම් වඩා හොඳයි.

 

Computer skills that will help you to get hired

ඊමේල් ගැන මොනවද අමුතුවෙන් දැනගන්න තියෙන්නේ කියල නේද අහන්න හැදුවේ? ඔව්, ගොඩක් දෙනෙක් ඊමේල් දැනුම කිව්වහම හිතන්නේ, ඊමේල් එකක් ලිව්වා, අදාළ ඊමේල් එඩ්‍රස් එක දැම්මා, යැව්වා කියලා. හැබැයි ඇත්තටම ඊමේල් සම්බන්ධයෙන් දැනුම වෙනම ආටිකල් එකකට ගන්න වෙන තරමටම පුළුල්.  ඒ නිසාම අපි ප්‍රොෆෙෂනල් විදියට ඊමේල් වලින් ගනුදෙනු කිරීම ගැන ආටිකල් දෙකක්, එක කොටස සහ දෙක කොටස විදියට ලියලා තියෙනවා. ඒ කියන්නේ හරි විදියට ප්‍රොෆෙෂනල් සිග්නේචර් එකක් නිර්මාණය කරන එක, කාල වේලාව නොඉක්මවා ඊමේල් වලට ප්‍රතිචාර දක්වන එක, ආචාරශීලී වෙන එක, හරි ඊමේල් භාෂාවක් භාවිතා කරන එක වගේ සෑහෙන්න දේවල් මේ යටතට අයිති වෙනවා. ඒවා ඉතින් පරිගණක දැනුමම කියලා ගන්න බැහැනේ. හැබැයි ඔය ඊමේල්ස් යවන්න ටයිමර් සෙට් කරන එක, කොන්ෆිඩෙන්ෂල් ඊමේල්ස් වගේ දේවල් වලට පරිගණක දැනුම අදාළ වෙනවා.

 

Computer skills that will help you to get hired

කම්පියුටර් ප්‍රෝග්‍රැමින් නැතිනම් කෝඩින් කියන එක වැදගත් වෙන්නේ යම් කිසි පරිගණක ක්‍රමලේඛ භාෂාවක් ගැන තියෙන දැනීමත් එක්කලනේ. එතකොට සමහර ජොබ්ස් තියෙනවා, ජොබ් එක කෙලින්ම අයිටී සම්බන්ධ ජොබ් එකක් නොවුණත්, ඒ වගේ පරිගණක භාෂාවක දැනීම, ප්‍රෝග්‍රැමින් හැකියාව පොඩ්ඩක් දුරට හරි තියෙන එක වැදගත් වෙනවා. උදාහරණයක් විදියට අපි කියමු බිස්නස් ඇනලිටික්ස් සම්බන්ධ ජොබ් එකක් කියලා. ඒකට ඔය පයිතන් වගේ පරිගණක භාෂාවක් දැනගෙන ඉන්න එකෙන්, අමතර වාසියක් ලැබෙන්න පුලුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here