මේ ගී කාටදැයි? – ලංකාවේ ජනප්‍රියම ගීත කීපය​ක උපත​ට මූලික වෙච්ච චරි​ත – Saru News Media

0
17

අද අපි කතා කරන්න යන්නේ සින්දු කීපයක් ගැන. මේ සින්දු වල විශේෂත්වය වෙන්නේ මේ සින්දු කියලා තියෙන්නේ එක්තරා කෙනෙක්ව හෝ කීප දෙනෙක්ව ඉලක්ක කරලා. හැබැයි ඉතින් එහෙම එයාලව ඉලක්ක කරගත්තට අපිට රස විඳින්න නම් කිසි අවුලක් නෑ. ඇත්තටම කිව්වොත් මේ ගොඩක් ගීත අපේ ජීවිතවලට දැඩි විදියට සමීප වෙලා තියෙනවා.

 

දිලීප අබේසේකර කියන්නේ මේ වෙනකොට දැන්වීම්කරණ  ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක් බවට පත් වෙලා තියෙන කෙනෙක්. ඒ වගේම පරිවර්තකයෙක් සහ ගී පද රචකයෙක් විදිහටත් දිලීප ප්‍රසිද්ධ වෙලා තියෙනවා. හැබැයි දිලීපට කවදාවත් තමන්ගේ තාත්තාව නම් අභිබවා යන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න අමාරුයි. ඒක දිලීපත් පිළිගන්නවා ඇති. දිලීප අබේසේකරගේ පියා වෙන්නෙ අපේ රටේ හිටපු ජනප්‍රිය නිවේදකයෙක් සහ ගී පද රචකයෙකු වුණ කරුණාරත්න අබේසේකර මහතා. මව වෙන්නේ ඉරානි අබේසේකර මහත්මිය. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාවත් චිත්‍රපටියක් වගෙයි. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට ඉරානි අබේසේකර මහත්මියගේ පාර්ශ්වයෙන් විරුද්ධ වීම නිසා ඇයව නිවාස අඩස්සියට පත්වෙනවා. ඇයව හම්බවෙන්න කිසිම අවස්ථාවක් නොලැබුණු තැන කරුණාරත්න අබේසේකර මහත්මයා මෙහෙම ගීයක් ලියලා ගුවන්විදුලිය හරහා ප්‍රචාරය කරනවා ඇයට ඇහෙන්න .

 

https://www.youtube.com/watch?v=6u1s7TMVnjw

 

අවසානයේ දී සියළුම බාධක බිඳ දාලා ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ඔවුන් දෙදෙනාට දරුවෙක් ලැබෙන්නේ විවාහ වෙලා අවුරුදු 10කින් පසුව. ප්‍රීතියෙන් පිනා යන කරුණාරත්න අබේසේකර මහත්මයා තමන්ගෙ පුතාට “දිලීප ජගදීශ් අබේසේකර” කියන නම තියෙනවා. ඒ වගේම පුතා වෙනුවෙන් කවි පන්තියක් ලියනවා. කවි පන්තිය නෙත ගැටෙන ක්ලැරන්ස් විජේවර්ධන ඒ කවි පන්තිය සින්දුවක් විදිහට කරුණාරත්න අබේසේකර මහත්මයාට කියලම සකසාගෙන මේ විදියට ගායනා කරනවා.

 

වෙඩි හඬකින් නිහඬ කළත් අපේ හදවත් තුල සදා රැඳෙන ගී පද රචකයෙක්  ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නේ. ප්‍රේමකීර්ති ගේ පළමු විවාහයේ දියණිය වුණේ සුරංගි අල්විස්.

 

ඒ පිළිබඳ සටහන මේ ලින්ක් එක ක්ලික් ක​ර කියවන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here