මේ තමයි ගැබ් ගැනීමේ මූලික ලක්ෂණ – Saru FM Media

0
124


ගැබ් ගැනීමක් සිදු වෙලා ද නැද්ද කියන එක බොහෝ වෙලාවට තරුණියන්ට නිශ්චය කර ගන්න බෑ.කාන්තා ෆේස්බුක් සමූහවල උදව් නොපතාම මෙන්න මේ ලකුණු ගැන විමසිලිමත් වෙලා එය ඔබටම තීරණය කරන්න පුලුවන්

1. ගර්භනී වීමේ මුලික ලක්ෂණ වලින් එකක් තමයි හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන එක. ගර්භනී කාලය පුරාවටම මේ තත්ත්වය දකින්න පුළුවන්.

2. හිසරදය. මේ සමග ක්ලාන්තය, කරකැවිල්ල වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ සිදු වන හෝමෝන වල වෙනස් වීමත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ නිසා ක්ලාන්තයවැනි තත්ත්වයන් ඇති වීමේදී ඔබ ඉතා පරිස්සම් විය යුතුයි.

3. පියයුරු වල ඇති වන වේදනාව.

4. ඉක්මනින් විඩාවට පත් වීම.

5. ඔක්කාරය. ගර්භනී වූ මුල් කාලය තුල නිතරම ඔක්කාර තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

6. ආහාර අරුචිය. මේ තත්ත්වය මුල් මාස කිහිපයෙන් පසුව අඩු වී යනවා.

7. යෝනි මාර්ගයෙන් සුළු වශයෙන් රුධිරය පිට වීමක්ද ඇතැම් විට දැකිය හැකියි.

8. මලබද්ධය කියනතේ ගර්භණීභාවයේ තවත් පොදු රෝග ලක්ෂණයක්. මේ තත්ත්වයන් ඉක්මනින් හඳුනා ගැනීම ඔබගේත් ,දරුවාගේත් යහපතට හේතුවෙනවා.

9. කොන්දේ කැක්කුම. නිතර නිතර කොන්දේ ඇති වන වේදනාව ගර්භනී සමයේ ඇති වෙන තවත් ශාරීරික අපහසුතා වලින් එකක්.

10. ශරීර උෂ්ණත්වය ඉහල යාම. විශේෂයන් උදෑසන අවදි වෙද්දී මේ කියන ශරීර උෂ්ණත්වය තරමක් වැඩි වෙන්න පුළුවන්. ගර්භනී කාලය පුරාවටම මේ උෂ්ණත්වය ඉහල යාම දකින්න පුළුවන්.

11. නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වීම.

12. මාසික ඔසප් වීම ප්‍රමාද වීම.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here