මේ තැන්වල ලවු කරන එක එච්චර ඇඟට ගුණ දායක නම් නෑ – Saru News Media

0
11

ආදරයට වයස, පෙනුම, ධනය බලනොපෑවට ආදරය කරන්න මිනිස්සුන්ට තැනක් නොතැනක් නැති වෙන්න බෑ. මොකද අපි බල්ලො පූසො නෙමෙයිනෙ. අපි මේ කියන්නෙ සදාචාරෙ ගැන කතාවක් නෙමෙයි. ලවු කරනව කියන්නෙ බොනවා වගේම හිත නිදහසෙන් කරන්න ඕන දෙයක්. දඩිබිඩියේ සිදුවෙන හදිස්සි මූට්ටුවක් ආදරේකට අදාළම නෑ. ඒ නිසා මේ කියන්නෙ දෙදෙනෙකුට ලවු කරන්න මේ සමාජයේ නුසුදුසුම තැන් ටිකක් ගැනයි.

 

බස් ස්ටෑන්ඩ්වල ලවු කරන එකේ අවාසි ගොඩයි. ඉන් එකක් තමයි උකුසු ඇස්. හොරෙන් කරන ලවු එකක් නං ඒක කෙලින්ම යන්න ඕන තැන්වල කනට යවන්න බස් ස්ටෑන්ඩ්වල ලවු කරන එක හේතුවක් වේවි. හොරෙන් නොකරන ලවු එකක් වුනත් කටකතා හැදිලා, චරිත සහතික දීලා, වැඩේ වර්චස් කරලා නැති නාස්ති කරන්න බස් ස්ටෑන්ඩ් වල ලවු කිරීමේදී හේතු වාසනා වෙන්න පුළුවන්.

 

ක්ලාස් යන්නෙ ඉගෙනගන්න. කොටිම්ම පාසල් අධ්‍යාපනේට අමතරව ඉගනීමක් ගන්න. එතකොට ක්ලාස් එකේ ඉන්න වෙලාවෙ කොල්ලො එක්ක වල බහින එක වගේම කෙල්ල එක්ක ලවු කරන්න තියාගන්න එකත් අවුලක් යන හේතුවක්. ඒ නැතත් තවත් කතා ගොඩක් තියෙනවා. සර්ට නෝට් වුනොත් කනක් ඇහෙන්න වෙන්නෙ නෑ. ප්‍රශ්න අහන්න නැගිට්ටවල ඉවරයක් නැති වෙයි. කොල්ලොන්ට තේරුනාම කනක් ඇහිල ඉන්න නැති වෙනවා. අනික හදිස්සියට දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් හරි අධ්‍යාපනික මට්ටමෙන්වත් වැරැද්දක් වුනොත් ඒක යන්නෙ ලවු එක පිටින්.

 

පල්ලි පන්සල් කියන්නෙ මිනිස්සු නිවෙන්න යන තැන්. සමහර බුවාස්ලා ඡන්ද කඩාගන්නත් යනව තමයි. ඒ වුනාට බහුතරයක් පන්සලට පල්ලියට එන්නෙ භක්තියෙන්. දැන් අපි කියන්නෙ ඔය නාකි ආච්චිලා ලවු කරන ජෝඩු දැක්කම සීයල මතක් වෙලා ඉරිසියාවෙන් මෙන්න මුං උම්ම දෙනෝ කියල කෑ ගහපු ගොං වැඩ ගැන නෙමෙයි. මේ කියන්නෙ අවංක චේතනාවෙන් පන්සලකට එන මිනිස්සුන්ට ලවු කරන එවුන් එතන ලැගගෙන ඉන්න එකෙන් වෙන ඩිස්ට්‍රැක්ෂන් එක ගැන. දැන් ඉතිං රැඩිකල්ස් නෝනා මහත්තුරු කියයි උන් පන්සල් ආවනං ඒ දේ කරගෙන යන්න ඕන කියල. එනිසයි අපිත් කියන්නෙ බොලාත් ලවු කරන්නම ඕනනං කොටු කාමරේකට යන්න කියල. මොකද පන්සල් පල්ලි එන්නෙ ලෝකෝත්තරයොනෙ.

 

නෑයො ඉස්සරහ ලවු කරනව තියා නෑයො කියන උලවු ජාතිය ඉස්සරහ ඈනුමක්වත් අරින්න හොඳ නැහැ. නෑයො ඉස්සරහ ලවු කරාම මුලින්ම උන් ඒකට විහිළුවක් දෙකක් කරලා බයිටක් ගහලා කන්වර්සේෂන් එකක් ගොඩ නංවනවා. ඊට පස්සෙ අනෙක් පාර්ශවයේ පවුලේ විස්තර, කොහොමද හම්බුනේ, ඒ ඒ අයගෙ අධ්‍යාපන සුදුසුකම් වගේ හැම බම්බුවක්ම දැනගන්නව. ඊටපස්සෙ තමන් සම්බන්ධ පාර්ශවයේ දෙමවුපියන්ට මේ කසාදෙට වඩා සිරා කසාදයක් කරගන්න පුළුවන්ය, මුන්ට ඉගෙනගන්නත් කලින් මගුල් විසේය වගේ උලවුවක් ඔලුවට දාලා වැඩේට කෙළවනවා.

 

දෙමවුපියන් තමුන්ගේ තීරණයන්ට ඉඩ දෙන ඩිප්ලොමැටික් උදවිය වුනාම කොල්ලො කෙල්ලො ඒ අය ඉස්සරහ උපරිම නිදහස අරගෙන ලවු කරන්න පටන්ගන්නව. ඒකට කෙළවෙන්නෙ නොහිතනම විදියකට. අම්මයි තාත්තයි හිතනවා මුන් මෙච්චර පෙමකින් වෙළිලා ඉන්නෙ දැන් කසාද බන්දන්න කාලෙ හරි කියල. හැබැයි ඒ වෙනකොටත් කොල්ලයි කෙල්ලයි එකිනෙකාව හරියට අඳුරගන්නව වෙන්න පුළුවන්. අන්න ඒවා ජාති ජාතිත් කෙළවෙන්න පුළුවන් පාඩු.

 

නිදහස් චතුරස්‍රෙ, කෞතුකාගාරෙ, සත්වෝද්‍යානෙ වගේ ප්ලේස්වල ලවු කරන්න යන එකෙත් අවුලක් තියෙනවා. ඒවගේ තැන්වලට පාසල් සිසුන් වැඩිපුර එනවා. එහෙම එන උන් කල්ලියක් විදියට සෙට් වෙලා ඉන්න නිසා පොඩි පොඩි බයිට් සහ මඩ පාරවල් යන්න පුළුවන්. ඒත් ඒවට කරන්න දෙයක් නෑ. ලවු කරන ජෝඩුවට තමයි ඩිෆෝල්ට් වැරැද්ද යන්නෙ.

 

පාක්වල වගේ අසහනකාරයො ඉන්න ප්ලේස්වල කෙල්ලයි කොල්ලයි බදාගෙන ඉන්න එක කෙල්ලට එච්චර හොඳ මදියි. හැබැයි ඒකට ඉතිං සරලම දෙයක් තියෙනව. පාක් තියෙන්නෙ ආදරේ කරන්නනෙ. ගස් අස්සෙන් හිල්මන් පාර දාන්න නෙමෙයිනෙ. එනිසා පාක් එකේ ලවු කරන ජෝඩුවල කොල්ලො සෙට් එක එකතු වෙලා වල්ටේෂන් බුවාලා ටිකට වටකර සැළකීමක් කරලා නිදහසේ ලවු කරන්න තියෙන්නෙ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here