මේ ලක්ෂණ තියෙනම් ඔබත් ෆෝන් එකට ඇබ්බැහි වුණු කෙනෙක් – Signs that you are a phone addict – Saru News Media

0
17

අපි අද ඔබට කියන්න යන්නෙ “21 වැනි සියවසේ තාක්ශණික රෝගය” ගැන. එහෙම රෝගයක් තියෙනවද කියල ඔබ දැන් හිතනව ඇති. ඇත්තටම මේක රෝගයකට වඩා ඇබ්බැහියක්. ඕනම දේක ඇබ්බැහිය නරකයි කියලා කතාවක් තියෙනවනේ. මේ කතා කරන්න යන්නෙ ජංගම දුරකථන පිළිබඳ තිබෙන ඇබ්බැහිය ගැන. මේක රෝගයක් නොවුණත් එක්තරා මානසික සංකූලතාවයක් විදිහට මානසික වෛද්‍යවරුන් හඳුන්වනවා. මේක තියෙන අයට එක එක ලක්ෂණ තියෙනවා ඊටම අනන්‍ය වුණු. මේක් කියෙවුවම ඔබටත් හිතේවි “අනේ අපිටත් මේ ඇබ්බැහිය තියෙනව නේද..?” කියලා.

 

මේකනම් ගොඩක් අයට තියෙනවා. දවසට පැය හතරකට වඩා දුරකථනය පාවිච්චි කරන අයගෙන් 90% කට වඩා මේ ප්‍රශ්නෙ තියෙනවලු. මොකක්ද හැබෑට මේ ප්‍රශ්නෙ. ජංගමය සාක්කුවේ දාගෙන ඉන්දැද්දි vibrate වෙනව වගේ දැනෙනවා. එලියට අරගෙන බැලුවම ඇත්තටම එහෙම වෙලා නෑ. අපේ හිත අපි රවට්ටනවා. හිත ගැන අහිතක් හිතන්නැති අය තමන්ගෙම දුරකථනයට බැනලා හිත සනසගන්නවා.

 

මේකත් ගොඩක් අයට තියෙනවා. ගොඩාක් දුරට මේක තියෙන්නෙ නම් ආදරවන්තයින්ට සහ ආදරවන්තියන්ට. Message කරන අතරෙ ෆෝන් එක ටිකක් වෙලා පැත්තකින් තියල තියෙන කොට පේනව නිකන් මැසේජ් එකක් ආව වගේ. එහෙම නැත්නම් Vibrate වෙනව වගේ දැනෙනවා. අනේ ඉතින් අරගෙන බැලුවම එහෙම මොකුත් ඇවිල්ලා නෑ. මේකත් ඉතින් ඇබ්බැහියේ ප්‍රතිලයක් තමයි. කාට හරි තර්ක කරන්න පුලුවං ඕනනම් මේ පිස්සුව තියෙන අයට ඇබ්බැහිය තියෙන්නෙ ෆෝන් ගැන නෙමෙයි ආදරේ ගැන කියලා. කැමති දෙයක් හිතාගත්තාවේ කියලා අපි ඊලඟ අයිතමයට යමුකො.

 

මේකත් ඉතින් ගොඩක් අයට තියෙනවනේ. තමන් ඉන්න Social media එකකට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා කිසිම තේරුමක් නැතුව ඔහේ ඒ සයිට් එකේ උඩට පහලට යනවා. ගොඩාක් දුරට Facebook පාවිච්චි කරන අයට මේ ලෙඩේ තියෙනව වැඩියි. ගොඩාක් අය කරන්නෙ මුහුණු පොතට ඇතුල් වෙලා ඔහේ වෝල් එකේ ඉහලට පහලට යන එක. මේ ඇබ්බැහිය තදටම තියෙන අය රෑට එක පාරටම නැගිටල හීනෙන් වගේත් ෆේස්බුක් යනවා. මොනවා කරන්නද ඉතින්.

 

ෆොටෝ කියන්නෙ මෙතන ගොඩාක් දුරට සෙල්ෆි තමයි. ඇත්තටම මේකනම් අතිශය අනතුරුදායක පිස්සුවක්. හැම තැනම ගිහින් සෙල්ෆි ඡායාරූප ගන්න අද ජංගම දුරකථන් භාවිතා කරන ගොඩක් අය ඇබ්බැහි වෙලා. යන තැන, කන තැන, මුහුණ හෝදන තැන පවා සෙල්ෆි ගන්න තාරුණ්‍යය සෙල්ෆි උන්මාදයකින් පෙලෙනවා කියලයි අපිට පේන්නෙ. මේක අනතුරුදායක වෙන්නෙ අනතුරුදායක් සෙල්ෆි ගන්න ගියාම. අපි දන්නව පහුගිය කාලෙ දුම්රිය එක්ක සෙල්ෆි ගන්න ගිහින් කී දෙනෙක් ජීවිතය පවා නැති කරගත්තද කියල. ඉතින් මේකනම් කොහොමටවත් ඇබ්බැහියක් කරගන්න එපා කියල තමයි ඉල්ලන්න වෙන්නෙ.

 

මේ ෆෝන් ඇබ්බැහියත් එක්ක එන තව ඇබ්බැහියක් තමයි අලුතින් එන එන ෆෝන් හැම එකම මිලදී  ගන්න පෙලඹෙන එක. තමන් භාවිතා කරන එකේ අඩුපාඩුවක් නොතිබ්බත් අලුතින් එකක් මිලදීගන්න මේ ඇබ්බැහිය විසින් මිනිසුන් පෙලඹවනවා. මේකට හොඳම උදාහරණය ඉන්දියාවෙන් පසුගිය කාලයේ අහන්න ලැබුණා. ඉන්දියාවෙ සමහර දුප්පත් තරුණයින් ඇපල් අලුත් ජංගම දුරකථනයක් මිලදී ගන්න කියල ඔවුන්ගෙ වකුගඩුව විකුණන බව ඒ වාර්තාවෙන් ලෝකයට කිවුවා. බලන්න ඉතින් මේ ඇබ්බැහිය ගියපු දුරක්.

මේ වගේ ලක්ෂණ ඔබටත් ඇති අනිවාර්යයෙන්ම. ඔබත් ටිකක් දුරකථන භාවිතයෙන් ඈත් වෙලා පරිසරයත් එක්ක එකතු වෙන්න තියෙන කාලය වැඩි කරගන්න උත්සාහ කරන්න. දුරකථනය භාවිතා කරන කාලයත් අර්ථවත් කරගන්න උත්සාහ කරන්න.

එහෙමනම් ලිපියෙන් දැනුමට යමක් එකතු කරගත්තනම් අනිත් අයටත් බලන්න Share කරන්න. Share කරද්දි මේ ලක්ෂණ තියෙන යාලුවෙක්ව ටැග් කරන්නත් අමතක කරන්න එපා.

 
Cover Image Source – pintarest.com
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here