saru fm media
Home දේශීය පුවත් මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

0
120


අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23) නියම කර තිබේ.

කෙසේ වෙතත් රාහුල් ගාන්ධිගේ දඬුවම දවස් 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දී තිබේ.ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දඬුවම  දවස් 30 ක කාලයකට අත්හිටුවා ඇත.

“හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නය හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබිණ.

034


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here