saru fm media
Home දේශීය පුවත් යුරියා 7000කින් අඩු කරන්න එකඟතාවය

යුරියා 7000කින් අඩු කරන්න එකඟතාවය

0
177


(අංජුල මහික වීරරත්න)

යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින්  අඩු කිරීමට ප්‍රමුඛ පොහොර සමාගම් අද  (23) එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි 

 කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පොහොර ආනයන සමාගම් පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.

 රුපියල ශක්තිමත්වීම මෙන්ම දැනට රජය  රුපියල් 10,000ක මුදලකට යුරියා ගොවි ජනතාවට සපයන බැවින් පෞද්ගලික  සමාගම් විසින් අලෙවි කරන පොහොර මිල ද අවම කරන ලෙස අමාත්‍යවරයා එම නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව දැනට රුපියල් 18,500කට පමණ අලෙවි කරන යුරියා පොහොර මිටියක් 11,500ක මිලකට අලෙවි කිරීමට එම නියෝජිතයෝ එකඟත්වය පළ කළහ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දැනට ගොවින් වෙත ලබා දෙන යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීම සඳහා අවධානය  යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!