යූටියුබ් ප්ලේ බට්න්ස් (YouTube play buttons) ගැන ඔයාලා නොදන්නා කරුණු – Saru FM Media

0
95


යූටියුබ් එකේ සැරිසැරුවට ගොඩක් අය දන්නෙ නෑ මේ යූටියුබ් ප්ලේ බට්න්ස් කියන්නෙ මොනවද කියලා. අද අපි ආවේ ඒ ගැන පොඩි විස්තරයක් කරන්න. මොනාද මේ බට්න්ස්? යූටියුබ් චැනල් ක්‍රියේටර්ස්ලා එහෙමත් නැතිනම් යූටියුබර්ස්ලා යූටියුබ් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ලබාගන්න ආකාරය අනුව යූටියුබ් ආයතනය විසින් එයාලට දෙන අවෝර්ඩ් එකක් තමයි මේ. මේ වගේ අවෝඩ් බට්න්ස් 5ක් දැනට යූටියුබ් ආයතනය හඳුන්වල දීලා තියනවා. අපි එහෙනම් බලමු මේ ගැන වැඩි විස්තර. 

 

සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් සම්පූර්ණ කළාම යූටියුබ් ආයතනයෙන් පිරිනමන අවෝඩ් එක තමයි මේ. දැනට ලෝකයේ තියන බොහොමයක් යූටියුබ් චැනල් මේ අවෝඩ් එක අරන් තියනවා. ලංකාවෙත් ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් ඉවුම් පිහුම් චැනල්, ගායක ගායිකාවන් සහ සෙලිබ්‍රිටිලා විශේෂයි. මේ වගේ අවෝඩ් එකක් ලැබෙන මටටමට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලැබුනම යූටියුබ් ආයතනය ඒ අවෝඩ් එක ගෙදරටම එවනවා. තමන්ගෙ චැනල් එකට යූටියුබ් ආයතනය විසින් දෙන සමරු සිහිවටනයක් තමයි මේ. 

 

මේකෙදි මූලිකවම සපුරන්න ඕනේ සබ්ස්ක්‍රයිබ්ස් මිලියනයක්. ඒ කියන්නෙ ලක්ෂ 10ක්. ලෝකේ වගේම ලංකාවෙත් ගොඩක් චැනල් තියනවා මේ සීමාව පහු කරලා ගිය. අපි නම් වශයෙන් පහළ කියන්නම් ඒ ගැන. හැබැයි ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් ගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම ගෝල්ඩ් අවෝඩ් එකක් හම්බවෙනවා කියන්නෙ ඉතින් ආයෙ මාරම ආඩම්බරයක් තමා. 

 

සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 10ක් සම්පූර්ණ කළාම තමා මේ අවෝඩ් එක ලැබෙන්නෙ. ලංකාවෙ නම් තාම මේ අවෝඩ් එක ගත්තු එකම යූටියුබ් චැනල් එකක්වත් නෑ. හැබැයි වෙනත් රටවල් වල ඉන්නවා. ලංකාවෙ ගොඩක් නිවුස් චැනල් මේ තැනට ළඟා වෙන්න උත්සහ කරනවා. අපි බලමු ඉතින් ඉදිරියෙදි කවුද ලංකාවෙ මුලින්ම මේ තැනට එන්නෙ කියල. 

 

ගොඩක් ඉහළම මට්ටමක තියන අවෝඩ් එකක් තමයි මේ. සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 50ක් පසු කළාම තමයි මේ අවෝඩ් එක ලැබෙන්නෙ. මේකට නිසි නමක් යූටියුබ් ආයතනයෙන් දීලා නෑ. මේක මේක මුලින්ම ලබාගත්තෙ PewDiePie කියන චැනල් එක. මේ ගැන අපි කලින් කතා කළා වෙන ලිපියක. ඉතින් මේ යූටියුබ් චැනල් එක මේ අවෝඩ් එකට නම තිබ්බා රූබි ක්‍රියේටර් අවෝඩ් කියලා. ඒ ඔවුන්ට රූබි මැණික් වර්ණයෙන් යුතු අවෝඩ් එකක් ලැබුණු නිසා. හැබැයි මේක කස්ටම් මේඩ් අවෝඩ් එකක්. ඒකට හොඳම උදාහරණය තමයි T – Series චැනල් එකට ලැබුණෙ වර්ණයක් රහිත වීදුරු වගේ අවෝඩ් එකක්. ඒ වගේ එක එක්කෙනාට වෙනස් පෙනුමැති අවෝඩ් ලැබෙන්න පුළුවන් මේ කැටගරි එකෙන්. 

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here