යූසර්ලාගේ ලොගින් කාලය අඩුකරන ෆේස්බුක් වෙනස්කම් – New Facebook changes – Saru News Media

0
16

පුවත් විශේෂාංග වෙනමම තීරුවකට ගොනු කිරීමට ආන්දෝලනාත්මක තීරණයක් ෆේස්බුක් විසින් පසුගිය කාලයේ  ගන්නා ලදී. ලංකාවේද ෆේස්බුක් භාවිතා කරන අයට ඒ හරහා සියලුම පේජ් හි ඇති දෑ දැකගැනීමට එක්ස්ප්ලොර් ෆීඩ් වෙත යෑමට සිදු විය. එතැනින් නොනැවතී ෆේස්බුක් විසින් තවත් වෙනස්කම් කරන්නට යන බව ෆේස්බුක් හි ඉහල කළමණාකාරීත්වය පවසා තිබේ.

ෆේස්බුක් තුලින් අපගේ සම්බන්ධ වූ මිතුරන් සැමගේම සෑම පෝස්ටුවක්ම එක සමානව අපගේ වෝලය තුල දර්ශනය කරන්නේ නැත. අප වඩාත් ආශා කරන පරිදි අපගේ වෝල් එක අපිට දර්ශනය කිරීමට උත්සාහ කරන ෆේස්බුක් ඒ හරහා සිය ගිණුම් හිමියා ෆේස්බුක් වෙත ඇද බැඳ තබාගන්නට උත්සාහ කරයි.

 

වයිරල් වන වීඩියෝ පෙන්වීම 5%ක් දක්වා අඩුකිරීමට මාක් සකර්බර්ග් අදහස් කරන අතර ඒ හරහා මිනිස් පැය මිලියන 50ක් පමණ ඉතිරි කිරීමට ඔහු අදහස් කරයි. වීඩියෝ එක් අතකින් සර්වර් ආදියට බරකි. කාලවේලාව බොහෝ ගතකරමින් ෆේස්බුක් හි සිටින අය සමාජයට මෙන්ම ෆෙස්බුක් එකටද වදයක් වෙමින් පවතින බව මේ හරහා පෙන්නුම් කරනු ලැබේ.

එක් අයෙකු වැඩි වේලාවක් ෆේස්බුක් ජාලය තුල රඳවාගන්නවාට වඩා මෙතෙක් ෆේස්බුක් වෙත එළැඹී නැති තවත් පිරිස ෆේස්බුක් වෙත ඇදගැනීම එහි නව අරමුණු අතර වේ.

 

ලංකාවේ දේශපාලන අවකාශය තුලද ෆේස්බුක් විසින් පසුගිය කාලයේ යම් වැඩකොටසක් කළ අතර ඒ ගැම්මෙන් තේරී පත් වූ දේශපාලකයින්ටද ෆේස්බුක් යම් ආකාරයක වදයක් වෙමින් පවතී. මූලික දහරාවේ ප්‍රවෘත්ති වලට අමතරව මහජනයා විසින් ගොඩනගන ප්‍රවෘත්ති වටපිටාවක්ද ෆේස්බුක් මගින් බිහිවිය. එහෙත් ඒ තැනුනු නව සමාජ අවකාශයම ෆේස්බුක් වෙත පාරාවලල්ලක් වී තිබේ.

ප්‍රවෘත්ති පෙන්වීම සීමා කිරීම මෙන්ම විශ්වාසනීය ප්‍රවෘත්ති පමණක් භාවිත කරන්නාට ලබාදීමද ෆේස්බුක් හි වෙනස්කම් වල තවත් අරමුණකි. බොරු ප්‍රවෘත්ති වලින් පුද්ගලයින්ටත් ආයතන වලටත් දැඩි හානියක් සිදු වේ. ඇතැම් බොරු පුවත් වහා පැතිරීමට ඉඩ දීම තුලින් ඒවා හරහා ඇතැම් හොඳ දේටද හානියක් වීම ෆේස්බුක්හි තිබූ යම් අඩුවකි. අනෙක් අතට එය පාලනය කොට විශ්වාසනීය තොරතුරු පමණක් ඉහලට ගැනීමෙන් ෆේස්බුක් නැවතත් සාම්ප්‍රදායික මාධ්‍ය වලට පමණක් ඉඩදෙන පැරණි මාදිලියේම තැනක් වෙනු ඇත. මේ ගැන සමජ ජාලා ගැන අදහස් දක්වන අයද විවිධ මතවාද ඉදිරිපත් කරනු ලැබේ.

 

පසුගිය වසරේ අවසාන මාස තුනේ ෆේස්බුක් යූසර් ප්‍රමාණය 14%කින් ඉහල ගොස් ඇති අතර දැන් භාවිතා කරන්නේ බිලියන 2.13ක් ෆේස්බුක් වටා වෙති.

ෆේස්බුක් හි පසුගිය වසරේ සමස්ත ආදායම ඩොලර් බිලියන 40කි. එය කලින් වසරට වඩා ඩොලර් බිලියන 16ක වැඩිවීමකි.

ඇමරිකානු බදු ගෙවීම් අංශ වලට පමණක් බදු වශයෙන් ඩොලර් බිලියන 2.3ක් ෆේස්බුක් වෙතින් ගෙවිය යුතු වේ.

ෆේස්බුක් හි දිනකට සක්‍රිය භාවිත කරන්නන් ගනන බිලියන 1.4කි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here