අපි මීට කලිනුත් සෑහෙන්න කථා කරලා තියෙනවනේ යෝජිත විවාහයක සහ ප්‍රේම විවාහයක තියෙන හොඳ සහ නරක ගැන. ඒ වගේම, සාමාන්‍යයෙන් ඕනම විවාහයකට පස්සේ හනිමූන් යනකොට හිතලා බලන්න ඕන කරුණු කාරණා ගැන, හනිමූන් යෑමේදී වැදගත් වෙන කරුණු කාරණා ගැනත් අපි කතාබහ කරලා තියෙනවා. හැබැයි අපිට පිළිගන්න වෙනවා, ප්‍රේම විවාහයකින් විවාපත් වුණු දෙන්නෙක් තමන්ගේ මධුසමය නැතිනම් හනිමූන් එක ගත කරන්න යනකොටයි, යෝජිත විවාහයකින් එකතු වුණු දෙන්නෙක් තමන්ගේ හනිමූන් එකට යනකොටයි තියෙන තත්වය සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස් කියලා. මෙතනදී අපි ප්‍රේම විවාහයක් කියලා සලකන්නේ සෑහෙන්න කාලයක් ලව් කරලා බැන්ද දෙන්නෙක්ව. දෙන්නා එකතුවෙන්නේ සමහර විට යෝජනාවකින් වෙන්න පුලුවන්. හැබැයි ඒක අදාළ නෑ. එතකොට අපි මෙතන යෝජිත විවාහයක් කියලා නම් කරන්නේ, දෙමාපියෝ විසින් කපුවෙක් මාර්ගයෙන් හරි පත්තරෙන් හරි වෙනත් ක්‍රමේකින් හරි හොයලා හඳුනාගත්තු මනමාලියෙක් හරි මනමාලයෙක් හරි, දෙපැත්තම කැමති වුණාට පස්සේ බොහොම අඩු කාලයක් ඇතුළත කෙටි ආශ්‍රයකින් පස්සේ විවාහ වෙන එක ගැන.
දැන් උඩ කියපු නිර්වචන වල විදියට, ලව් මැරේජ් එකක නැතිනම් ආදර විවාහයක දෙන්නෙකුයි, ඇරේන්ජ් මැරේජ් එකක නැතිනම් යෝජිත විවාහයක දෙන්නෙකුයි අතර තියෙන ප්‍රධානතම වෙනස්කම වෙන්නේ, දෙන්නා දැන හඳුනන, එකිනෙකාට සමීප, එකිනෙකාව ගවේෂණය කරලා තියෙන ප්‍රමාණය තමයි. සරල උදාහරණෙකින් කිව්වොත්, ලව් කරපු දෙන්නෙක් විවාහ වෙනකොට වුණත් ලිංගික හැසිරීම් පවා යම්තාක් දුරකට වෙලා තියෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට එකිනෙකාගේ නිරුවත දැකලා, ඒකට හුරු වෙලා ඉන්න පුලුවන්. හැබැයි ඉතින් අර යෝජිත විවාහයක දෙන්නෙක්ට එහෙම අත්දැකීමක් තියෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයිනේ. ගොඩක් දුරට යෝජිත විවාහයක දෙන්නෙක් හරියට ලිප්ස් කිස් එකක්වත් දීගෙන නැති වෙන්න ඉහළ ඉඩක් තියෙනවා.
ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, යෝජිත විවාහයකින් එකතුවෙන දෙන්නෙක් හනිමූන් එකට යන්න කලින්, අවබෝධ කරගන්න ඕන, හිතලා බලන්න ඕන කරුණු කාරණා ටිකක් ගැන සඳහන් කරන්න!
යෝජිත විවාහයකට යනකොට සිද්ධ වෙන එක ගැටළුවක් තමයි, ඒකේ වෙඩිමේ ඉඳන් හනිමූන් එක දක්වා ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ දෙපැත්තේ වැඩිහිටියන්ට වුවමනා විදියට වීම. ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. ඒත් හනිමූන් එකට තැනක් තෝරන එක විවාහ වෙන්න යන දෙන්නත් එක්ක එකතු වෙලා තමන්ගේ තනි කැමැත්තට කරන එක තමයි වඩාත් හොඳ. ඕන නම් ඉතින් හොටෙල් එකේ බිල අම්මලා තාත්තලාට ගෙවන්න කියන්න බැරියැයි!
හනිමූන් එකට දෙන්නා එකතුවෙලා ගැලපෙන තැනක් තෝරගන්න කියන හේතුව මේකයි. හනිමූන් යන්නේ ඇත්තටම උදේ ඉඳන් රෑ වෙනකල් සෙක්ස් කරලා එන්න නෙවෙයි. ඊට වඩා හනිමූන් එක කියන්නේ දෙන්නට එකිනෙකා හා සමීප වෙන්න, දෙන්නට දෙන්නා දැනහඳුනාගන්න ලැබෙන අවස්ථාවක්. එතකොට, තමන්ට සෙට් වෙන, තමන්ට එකට කරන්න පුලුවන් ඇක්ටිවිටීස් තියෙන තැනක් තමයි හනිමූන් එකට සෙට් වෙන්නේ. උදාහරණයක් විදියට, බීච් එකට ආස කපල් එකකට හනිමූන් හොටෙල් එක අම්මලා හුන්නස්ගිරියෙන් සෙට් කරන එක තේරුමක් නෑ.
දැන් ඔය අලුත බැඳපු කුරුළු ජෝඩුවක් වගේ කියලා හරි ආදරෙන් ඉන්න කපල් එකක් දැක්කහම ගොඩක් අය කියන දෙයක්නේ. එහෙම ආදරෙන් ඉන්න ඉතින් ආයේ ඇරේන්ජ් මැරේජ් ද, ලව් මැරේජ් ද කියලා වෙනසක් නෑ. දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් යෝජිත විවාහයකින් එකතු වුණු දෙන්නෙක්ට ඒ ආදරේ වැඩි කරගන්න හොඳම කාලය තමයි හනිමූන් එක. ඇත්තටම හනිමූන් එක රසවත් වෙන්නෙත් දෙන්නා රොමෑන්ටික් වීමෙන් තමයි. අන්න ඒ නිසා, හනිමූන් එකේදී පොඩි පොඩි රොමෑන්ටික් දේවල් ප්ලෑන් කරන්න පුලුවන්. එයාව සර්ප්‍රයිස් කරන්න ප්ලෑන් කරන්න, පොඩි පොඩි තෑගි දෙන්න වගේ දේවල් කරන්න පුලුවන්.
Saru Fm Media