“ලෝකය යනු ,භයානක තැනක්. එයට හේතුව, නරක වැඩ කරන මිනිස්සුන් නිසා නෙවෙයි .හැම දෙයක් ම දැකලත් ,කිසිදු පිළියමක් නොකර බලා සිටින මිනිස්සුන් නිසයි .” -ඇල්බට් අයින්ස්ටයින්-
උදව් අවැසි මොහොතේ,තම රට ජාතිය උදෙසා පැකිලීමකින් තොරව තම දිවි පූජා කරපු සෑම රණශූරයෙකුටම ආචාර වේවා ….
250,000 ටත් වඩා වැඩි හමුදා නිලධාරීන් පිරිසක් යුද්ධ ,නාවික සහ ගුවන් යන ත්‍රිවිධ අංශයේම සිටීම ශ්‍රී ලාංකිකයන් ලෙස, අප ලැබූ මහත් භාග්‍යක්. පුරා අවුරුදු තිහක් තුළ තිබුණා වූ කුරිරු යුද්ධයෙන් ජයගෙන, නැවත රට ඉදිරියට ගෙන යාමට මෙම නිලධාරීන් ලබා දුන් සහයෝගය මිල කළ නොහැකියි. යුද්ධයෙන් පසු ව ඔවුන්ගේ කාර්ය භාරය නිමා වුණා නොවෙයි ,රටට උදව් අවැසි හැම මොහොතකම ,ත්‍රිවිධ හමුදාව ලෙස පෙරමුණ ගෙන ,රැකවල් දූතයන් මෙන් රට රැකගත් අවස්ථා අප්‍රමාණයි .මේ එයින් කිහිපයක් ;
*පාස්කු ත්‍රස්ත ප්‍රහාරය 2019*
2019 අප්‍රේල් මස විසි එක් වෙනිදා ,සිදු වූ පිපිරීම් මාලාවත් සමගම ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා .මේ තත්ත්වය පාලනය කිරීමට රට නැවත වතාවක් යුද හමුදාවට භාර කෙරුණු අතර රට පුරා පුපුරණ ද්‍රව්‍ය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා .අවුරුදු 30ක සිවිල් යුද්ධයෙන් පසු සිදු වුණා වූ මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මැඬලීමට යුද හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වූ අතර මිනිසුන්ගේ ආරක්ෂාව සනාථ කරන්න රටපුරා හමුදා බැරැක්ක ,මාර්ග බාධක සහ මුර සංචාර වැනි ආරක්ෂක ක්‍රම භාවිතා කරා .
*කෝවිඩ් 19 වසංගතය 2020*
ගෝලීය වශයෙන් සිදු වුණා වූ මෙම වසංගත තත්ත්වය මැඩලීමට සහ අනවශ්‍ය ලෙස සිවිල් ජනතාව මෙම වෛරසයට ගොදුරු වීම වළක්වා ගැනීමට ,ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඒවා ක්‍රියාත්මක කිරීම සදහා සියලූ වගකීම් භාර ගත්තා. පළමු අඩිතාලම ලෙස 2020 අප්‍රේල් මස තුන් වැනිදා රුධිරය සහ කේටය පරීක්ෂා කිරීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල සංවර්ධනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩකටයුතු ආරම්භ කළා . ඒ වගේම හමුදා භටපිරිස් විසින් ඇඳිරිනීතිය පවත්වා ගැනීමට මාර්ග අධීක්ෂණය සිදුකළ අතර, තම රාජකාරි කටයුතුවලට අමතරව නිවෙස් අහිමි අයට ආහාර දීම ,නිවසින් බැහැර වීමට නොහැකිව ස්වයං නිරෝධනය සිදුවන පවුල් සඳහා වියළි ආහාර ලබා දීම සහ වීදි සතුන්ට ආහාර පාන ලබා දීම වැනි මානුෂික ක්‍රියාවන් ද සිදුකරණු ලැබුවා .
*ගංවතුර සහන*
ශ්‍රී ලංකා වාසීන් ලෙස අපි විවිධ ප්‍රමාණයේ ගංවතුර උවදුරු වලට මුහුණ පා තිබෙනවා.දරුණු ගංවතුර තත්වයන් වලදී යුද,නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන් විසින් පීඩාවට පත්වූවන්ව ටෝලර් යාත්‍රා සහ හෙළිකොප්ටර් මගින් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරා .එමෙන්ම පාලම් නැවත සංවර්ධනය සහ මාර්ග යථා තත්ත්වයට පත් කිරීම තුළින් මහඟු කාර්යභාරයක් ඔවුන් සිදුකරණු ලැබුවා.
*නියගයට එරෙහි ව සටන් කිරීම*
Saru Fm Media